Author: accioAdmin

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල් සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙහිදී යෝජනා වී ඇත්තේ ජාතික ගුරු කවුන්සිලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ද මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

තව කියවන්​න

කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිකරණ නියෝග සහිත වාර්තා , ව්‍යාජ ඔප්පු,ව්‍යාජ පත් ඉරු, පොලිස් වාර්තා ,රියදුරු බලපත්‍ර ,හැඳුනුම්පත් , නොයෙකුත් උපාධිපාඨමාලා හැදෑරූ සහතිකපත්, බාහිර උපාධි පාඨමාලා සහතික පත්, ජල බිල්පත් ,විදුලි බිල් පත් ව්‍යාජ නිලමුද්‍රා ඇතුළු ඒවා සකස් කිරීමට යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

කායන්ගොල්ලෑව රජයේ රක්ෂිතයේ ගල්තලාවක නිදන් ලබාගැනිමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව,හොරොව්පොතාන,ඇබිලිපිටිය,තනමල්විල හා මාවතගම පදිංචි වයස අවුරුදු 28ත් 58ත් අතර වියේ පසුවන පුද්ගලයන් පස්දෙනෙක්. රජයේ රක්ෂිතයේ ගල්තලාවක නිදන් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනා. සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තව කියවන්​න

සිය ගැබිණි බිරිඳට පහර දී මාස දෙකක කළලයක් විනාශ කිරීමේ සිද්දියක් සම්බන්දව අත්අඩංගුවට ගත් පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝහය නිකුත් කරනු ලැබුවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු බිරිදගේ කුසේ සිටින දරුවා තමාගේ නොවන බව පවසා මෙලෙස සිය බිරිඳගේ කුසට පහර දී ඇති බව සඳහන්.

තව කියවන්​න

වවුනියාව ප්‍රදේශයේ පාසල් භූමියක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගෙන තිබෙනවා. කසල සහිත ස්ථානයක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සුද්ධ පවිත්‍ර කිරීමට යාමේදීයි මෙම මෝටාර් උණ්ඩ හමුවී ඇත්තේ. පසුගිය යුද සමයේ භාවිතා කොට අ‍ැති මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් විසින් රැගෙන අ‍ාවේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. විශේෂ කාර්ය බලකාය සඳහන් කලේ සොයාගැනුණු මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවයි.

තව කියවන්​න

කටුනායක ගුවන්තොටුපොළ සඳහා නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවයි. දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව සඳහන්. මේ වසරේ දෙසැම්බර් මස 31 වෙනි දාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් සඳහා දේශීය ඉදිකිරීම් සමාගමක් තෝරා ගෙන තිබෙනවා. ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5ක්

තව කියවන්​න

මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක් ම රට තුළම නිපදවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ , ඒ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවයි. ආනයනික ඉතිරි 8%ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් මෙරටට ගෙන එන අතර, ඒ සඳහා අය කරන්නේ ද 22.5%ක බදු මුදලක් පමණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ. වරාය සහ ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ සෙස් බද්ද යන සියළු බදු මෙම 22.5 % කට ඇතුළත් බවත් එම බදු ප්‍රමාණය අය කරන්නේ ද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා. තල්දූව ප්‍රදේශයේ දී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත…

තව කියවන්​න

අම්පාර – තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයක් අතරතුර සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සුජාතා කුලේන්ද්‍ර මහත්මිය සඳහන් කලේ මේ සම්බන්ධයෙන් අද පාසැල් බලධාරීන් කැඳවා කරුණු විමසීමට නියමිත බවයි. තිරුක්කෝවිල් ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස ඊයේ ජිවිතක්ෂයට පත්වුනා. අදාළ සිසුවා තරගයට ඉදිරිපත්ව සිටියදී එක්වරම සිහිසුන්ව ඇදවැටි තිබුණා. පසුව ඔහු තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබුනා. කෙසේ වෙතත් සිසුවාගේ ඥාතීන්, පාසල් සිසුන් ඇතුලු දෙමාපියන් චෝදනා කළේ රෝහල් බලධාරීන් විසින් සිසුවාට…

තව කියවන්​න

සෞදි අරාබියෙන් පරිත්‍යාග කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම සිදුකර තිබෙනවා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දියි මෙය සිදු කර ඇත්තේ. ඒ අනුව ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 කට මෙම රට ඉඳි ලබා දීමට කටයුතු කර තිබෙනවා. එක් පල්ලියකට රට ඉඳි කිලෝ විස්ස බැගින් ලබා දීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන පළමු මහජන රැළිය අද පැවැත්වීමට නියමිතයි.. මැතිවරණය ඉලක්ක කර ගනිමින් , පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වෙන්නේ. ”සැබෑව ” යන්න මෙවර තේමාව සමඟින් පස්වරු 02ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී එය පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

තව කියවන්​න