- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
Author: accioAdmin
අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සිදුව ඇති ඉරිතැලීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකොට සතියක් ඇතුළු වාර්තාවක් ලබදෙන ලෙස විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉන බැඳි පටියේ කොටසක් හෙවත් ‘පටි ධාතුව’ නිදන් කර ඇති ජේතවනාරාමය ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ මහසෙන් රජ සමයේ ඉදිකර ඇති බව මහා වංශයේ සඳහන්. ගඩොලින් ඉදිකරන ලද ලොව විශාලම ස්ථූපය ලෙස සැලකෙන මෙම ස්තුපය අඩි 400ක උසකින් යුක්තයි. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම ස්ථූපය සංරක්ෂණය කර වන්දනාමාන කටයුතු සඳහා සැදැහැවතුන්ට විවෘත කෙරුනේ 2009 වසරේ සිටයි. කෙසේ වෙතත් අද වනවිට ජේතවනාරාම ස්ථූපයේ ස්ථාන කිහිපයක ඉරි තැලීම් දක්නට ලැබෙන බව සඳහන්.
පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පුවක් වගාව මේ වන විට පවතින්නේ අතුරු වගාවක් ලෙසයි. ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5ක් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. මේ වනවිට මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී ඇති අතර දේශීය පුවක් විශේෂවලට අමතරව එක් ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්…
අලුත උපන් බිලිඳකු ඝාතනය කිරීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටියදී අනියම් සබඳතාවයක් හේතුවෙන් ගැබ්ගෙන තිබෙනවා. ඒ අනුව මෙම කාන්තාව මීට දින තුනකට පෙර දරුවෙකු ප්‍රසූත කර පසුව එම දරුවා ඝාතනය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ. පසුව අදාළ කාන්තාව කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුදුකුඩිරිප්පු පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියේ චෝදනා එල්ල වූ රැඳවියා මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා. අදාළ ජේලර්වරයා විසින් ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබුනා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්දව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ. තම නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවට අදාළ ජේලර්වරයා පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් අදාළ ජේලර්වරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.
අඩු අදායම්ලාභී පවුල් මිලියන 2.74ක් ආවරණය වන පරිදි සහල් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් පවුලක් සඳහා මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහායි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ. අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබෙනවා. ඒ, අනුව එක් පවුලක් සඳහා නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10ක් මසකට හිමිවනු ඇති.
දක්ෂණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනයවූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් තරුණයෙක් මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. මෙසේ මියගොස් ඇත්තේ, නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරනවා.
2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතයි. එම සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැරකිරීමට ද අනුමැතිය හිමිව තිබෙනවා.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බව සඳහන්.
රුහුණු මහා කතරගම දේවාලයට ජූජා කළ පවුම් 38ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් දෙදෙනාගේ ‘කපු ධුරය’ අත්හිටුවා තිබෙනවා. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ තනතුරු විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවයි . ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍රාකාරයෙන්…
මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි මේ වනවිට බෙදා දීම සිදු කර ඇති බවයි. කෙසේවෙතත් සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා. නමුත් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් පහත සඳහන් දුරකථන / ෆැක්ස්/ ඊමේල්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















