- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
Author: accioAdmin
විවිද ත්‍යාග ලබා දෙන බව පවසමින් හුවමාරු වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය පවසන්නේ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් මෙම වංචනික ක්‍රියාව සිදුවන බවයි. මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනැම අවස්ථාවක තම සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබා ගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, . එසේම එවැනි ව්‍යාජ පණිවුඩ හරහා අනිෂ්ඨ මුද්‍රකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමක් සිදුවිය හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. මීට අදාළව ලැබී ඇති පැමිණිලිවල ද ඉහළ යාමක් සිදුව ඇති බැවින් එවැනි පණිවුඩ විවෘත කිරිමට යාමෙන් වළකින ලෙසයි එම සංගමය…
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කලේ ඒ, සඳහා පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවූ බවයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන මාණ්ඩලික නිලධාරී තනතුරු සඳහා මෙම මාසික දිරි දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් හිමිවනු ඇති. මෙම මාසික දිරි දීමනාව මාර්තු…
දෙනියාය ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඊයේ දිනයේ පැවැත්විමට නියමිතව තිබු අතර මෙම සිසුන් දෙදෙනා ක්‍රීඩා උත්සවයේ නිවාස කුටි සකස් කිරිමට අවශ්‍ය උණ ගස් කැපිම සඳහා පාසල් භුමියේ පිහිටි උණ පදුරක් අසලට ඊයේ මාධ්‍යම රාත්‍රියේ ගොස් ඇති බව සඳහන්. එහිදී උණ ගසක් කපන අවස්ථාවේදි එම උණ පදුර අසල ස්ථාපිත කොට තිබු විදුලි ට්‍රාන්ස්ෆෝමර්යකට සම්බන්ධ කොට ඇති අධිබලැති විදුලි රැහැන්වල මෙම උණ දැවටීමෙන් උණ ගස කපමින් සිටි සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි තිබෙනවා. විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා…
රජයේ රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ වයස් සීමාව 38ක් දක්වා වැඩි කළ යුතු බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව වයස අවුරුදු 35ක් වන බවයි. රටේ පවතින අර්බුද හේතුවෙන් එම වයස් සීමාව සංශෝධනය විය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ බව සඳහන් කළා.
දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. කෙසේවෙතත් දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම නඩු පැවරීම සිදුකර ඇත්තේ. 2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොණු කර තිබුනා. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට ලක්වී සිටියදී ඒ බව දැන දැනම එරට රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන්…
සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙනවා. සුළුතර ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා. මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රටවන්නේ තායිලන්තයයි. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි. මෙම පනත බලාත්මක වුවහොත් තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ තුන්වන ආසියානු රට වනු ඇති. කෙසේ වෙතත් පනතට සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍ය වන අතර එය නීතියක් බවට පත්වීමට නම් තායිලන්ත රජුගේ අනුමැතිය ද අවශ්‍ය වනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ලබන අප්‍රේල් 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතු`ඵ තවත් සැකකරුවන් 6 දෙනෙකු ද මෙහිදි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය විසින් ඊයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළේ කෙහෙළිය රඹුක්වැල්ල…
මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. ඒ අපරාධයට පැමිණි පිරිස රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවසේ සිටි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. නමුත් එම අවස්ථාවේදී ගිනි අවියේ මැගසින් කොටස අවියෙන් ගැලවී බිම වැටී ඇති අතර එම අවස්ථාවේ නිවැසියා වෙඩික්කරු සමග පොරබදා ඇති බව සඳහන්. එම අවස්ථාවේ වෙඩික්කරු යතුරුපැදියේ නැගී පළාගොස් තිබෙනවා. පොරබැදීමෙන් සුළු තුවාල ලැබූ නිවැසියා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















