Author: accioAdmin

සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ලඩ සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහල දමා තිබෙනවා. මේ අනුව හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000ක දක්වා ඉහල දමා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. එමන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14000 දීමනාව රුපියල් 23000 දක්වා රුපියල් 9000 කින් වැඩිකර ඇති බව සඳහන්. මැලේරියා සහ බරවා මර්දන සහායක ,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී , කීට විද්‍යා සහකාර ,පාසල් දන්ත චිකිත්සක යන තනතුරුධාරින්ට දැනට ගෙවන රුපියල් 10300 දීමනාව රුපියල් 17000 දක්වා වැඩි කර තිබෙනවා. පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ට කාර්ය මන්ඩල…

තව කියවන්​න

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙක් වන අතර ඔහු ඊයේ පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්. මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

තව කියවන්​න

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර ඒ පිලිබඳ ඊයේ පවතී මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ද මේ පිලිබඳ අදහස් පල කලා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවනවා. ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු නවතම වාර්තාවක මේ පිලිබඳ සඳහන් වන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කලේ. ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූන් මත මෙම තත්වය මතුව ඇති බව ලෝක බැංකුව සිය වාර්තාවේ සඳහන් කරනවා. ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන්…

තව කියවන්​න

මේ වන විට සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව වාර්තාවී තිබෙනවා. එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බව සඳහන්. එම රැඳවියන් අතර ඉස්ලාම් පුජකයන් 8 දෙනෙකු, හින්දු පූජකයන් දෙදෙනෙකු, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල තිදෙනෙකු සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ. මෙම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ද පස් දෙනෙකු මීගමුව බන්ධනාගාරෙයේ රඳවා සිටිනවා.

තව කියවන්​න

2023 වර්ෂයට අදාළව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වන විට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගය ලබන මස මැද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලා.

තව කියවන්​න

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. 2024 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක විය යුතු බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරන්නේ.

තව කියවන්​න

පොලිස්පතිවරයාට හෙට දිනයෙදි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. මේ අතර නාරම්මල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ලොරි රථ රියදුරෙකු මරණයට පත්වීමේ සිද්ධියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා. මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් එම පෙත්සම ගොනුකර තිබූණා . ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අතර වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද නියම කර ඇති බව සඳහන්.

තව කියවන්​න

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කලේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවන බවයි. කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකට බස් රථ ක්‍රියාත්මක වන බවයි ඒ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් සෝමරතන විදානපතිරණ මහතා පවසන්නේ එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළ වී ඇති බවයි. නමුත් මේ අවස්ථාවේදී නැකැත් වෙනස් කිරීමට නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ. කෙසේවෙතත් ලබන වසරේ අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශවවල අදහස් ලබා ගන්නා බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කලේ .

තව කියවන්​න