Author: accioAdmin

වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් කුඩා දරුවකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු දෙකයි මාස අටක දරුවෙකුයි. එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දරුවාගේ මව සහ පියා ද තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තව කියවන්​න

අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාන තිබී මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ අනුරාධපුර නුවරවැව,වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබි එක් සිරුරක් හමුවී ඇති බවයි. අනෙක් මල සිරූර හිදෝගම,දිවුල්වැව දියේ ගිලි තිබියදි සොයා ගෙන තිබෙනවා. දියේ ගිලි තිබී සොයාගත් සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැති අතර ඔහුගේ සිරුර ඇද ඇතිරිල්ලක ඔතා ගලක් ගැට ගසා වැවට දමා තිබියදියි සොයාගෙන ඇත්තේ .

තව කියවන්​න

මේ වසරේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV අසාදනය වූ නව රෝගීන් 695ක් හඳුනාගෙන තිබෙනවා. ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ එය 2023 වසරට වඩා සියයට 14ක වර්ධනයක් බවයි. කොළඹදී පවත්වන සායනවලදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 40ක ප්‍රමාණය දක්වා වර්ධනය වී ඇති අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයින් හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

තව කියවන්​න

උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රදවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේ දී වසා දැමීමට තීරණය කර තිබෙනවා. කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලා. යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් තවදුරටත් ක්‍රියාත්මකව වන අතර එහි සිටින පවුල් සංඛ්‍යාව 10ක්. ඔවුන් සියලුදෙනාට ද ඉඩම් ලබාදී සියලු සුබසාධන මධ්‍යස්ථාන වසා දැමිමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කලේ .

තව කියවන්​න

ඉදිරියේ දී විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහි එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ . මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.කළා

තව කියවන්​න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා පිටව ගොස් තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකාරු සඳහන් කලේ ඒ මහතා අද අලුයම ඒ මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගිය බවයි. ඒ මහතා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් .

තව කියවන්​න

හෙට යෙදී ඇති රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව තර කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බවයි. සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථාන වල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර තිබෙනවා. ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකයි . අඒ අනුව පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු…

තව කියවන්​න

වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ. මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙ තීරණයෙන් පසු රාජ්‍ය අංශයේ වැටුප් පිලිබඳ අර්බුදය නිර්මාණය වී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට , කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි. ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ද, ඒ මහතා කියා සිටියා.

තව කියවන්​න

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුනා.එහිදී ජනාධිපතිවරයා සඳහන් කලේ උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බවයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබාදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ. එමෙන්ම උඩරට කලා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස ද ජනාධිපති රනිල්…

තව කියවන්​න