- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
Author: accioAdmin
සිංහල අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා. ඒ අනුව හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි සහ සුදු කැකුලු සහල් මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ. හාල්මැස්සන් කිඉලෝ ග්‍රාමයක මිල රුපියල් 125කින්ද , බි ,ලුණු කිලෝවාක මිල රුපියල් 55කින්ද පහත දැමීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ. මිට අමතරව පාන්පිටි කිලෝවක් රුපියල් 7 කින්ද , සුදු කැකුලු සහල් කිලෝවක් රුපියාල් 4කින්ද පහත දමා තිබෙනවා.
උත්සව සමයේ දී දරුවන්ට ආහාර පාන ලබා දීමේදී ඒ පිලිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. සැලකිල්ලකින් තොරව දරුවන්ට ආහාර පාන ලබා දුනහොත් පාචනය, අතීසාරය, උණසන්නිපාතය වැනි රෝගී තත්ත්වයන් දරුවන් අතර පැතිරීමේ අවධානමක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත භාර දී තිබෙනවා. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඔවුන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු කරන බවයි. එමෙන්ම මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බවයි ඒ මහතා සඳහන් කලේ.
කිසියම් පිරිසක් විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්තාවන්වා. හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ ත්‍රී රෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු මෙම පහර දීම සිදුකර ඇති බවට තිරතුරු අනාවරණ වී ඇති බවයි. මෙම පහර දීම අද අලුයම සිදුව ඇති අතර තියුණු ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි කාන්තාවක් සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ. මිය ගිය කාන්තාව සමගින් හෝටලයේ ලැගුම ගෙන සිටි පුද්ගලයා අදාළ කාන්තාව සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමණාකාරීත්වයට දැනුම් දී තිබෙනවා. පසුව අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්දිය සම්බන්දව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
අවුරුදු සමය තුළ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීම වැඩිවී තිබෙන බව පොලිසිය පවසනවා. එබැවින් මුදල් ගනුදෙනු කිරීමේදී ඒ පිලිබඳ සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාජ මුදල් මාරුකිරීමට පැමිණෙන පුද්ගලයින් සිටිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ. මුදල් ගනුදෙනු කිරීමේදී යම් නෝට්ටුවක වෙනසක් පවතී නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බවයි.. රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වනු ඇති . මේ අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වීමට නියමිතයි.
අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා සලසා තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කලේ උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව බවයි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ එමෙනන්ම් උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් . ජේ ඉඳිපොලගේ මහතා පැවසුවේ අප්‍රේල් 10 වනදා සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියන් දෙකක් අමතර ධාවනයට එක්කර ඇති බවය. මේ අතර උත්සව සමයේ බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැටලීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කලා. වඩිදුරටත් අදහස් දක්වමින්…
මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6 දක්වා ඉහල යනු ඇති. එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩි කර තිබෙනවා. මේ අතර මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11,000ක් ලෙසයි සංශෝදනය කර ඇත්තේ. ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වා වැඩි කර තිබෙනවා. තව ද පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000ක් වන…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව සඳහායි එලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222