- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: accioAdmin
කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් මාර්ගයට කාඩා වැටීම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තාවන්නේ. ඒ හේතුවෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ජනාධිපති අපේක්සකයින් ලෙස ඉදිරිපත් වනු ඇති. එමෙන්ම මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ඉෂාන් ජයවර්ධන යන මහත්වරුන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව සඳහන්. ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.
මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් යලිත් වරක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. මහ නගර සැලැස්ම සම්බන්ධයෙන් ඔවුන් විසින් කළ යෝජනා පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා එම කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, . බස්නාහිර , දකුණ හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මහ නගර සැලස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි .
2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පවතී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කලේ , අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇති බවයි. ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වූ බවයි ඒ මහතා පවසන්නේ. එම රෝගීන් බහුතරයක් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බව ඒ මහතා අවධාරණය කලා.
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආදාඋල්පත ගම්මානයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් විරෝධය පළකර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිත සුරාසැල්වලට විරෝධය දක්වමින් රිදීමාලියද්ද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා. ඊට එක්වෙමිනුයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් තම විරෝධය පළ කළේ.
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.. අනතුරින් තුවාල ලැබූ අදාළ ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුනා. ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ සිදුවූ අනතුරින් පුස්ගලයින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින්ද කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කර තිබෙනවා. මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මාහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා. මෙම වාරණ නියෝග මැයි මස 08 දක්වා බලපැවැත්වෙනු ඇති.
රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා විදුලි බල අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව එන්තරවාසි යවා තිබෙනවා. අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මෙම එන්තරවාසි යවා ඇති බව සඳහන්. නව විදුලිබල පනත් කෙටුම්පත හේතුවෙන් මෙරට පුරවැසියන්ට හා තමාට ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් හා වරප්‍රසාද හේතුවෙන් සිදුවන අගතිය වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා එන්තරවාසිය යොමුකළ බවයි අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සදහන් කළේ.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීම ස්ථිර කර තිබෙනවා. ලබන 24 වනදාට දී ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකාවලට පිළිතුරු වශයෙන් ඔහුගේ පැමිණීම සනාථ කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිලිබඳ නිවේදනය කර තිබුණා.
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 26 වනදා දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. කොළඹ දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222