Author: accioAdmin

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයක් බවයි. එමෙන්ම එම බැංකු ගිණුම්වලින් 60%ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බවත්, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය කොළඹ පෙරහැර මාවතෙන් අද ගමන් ආරම්භ කළා. මෙම යතුරු පැදි සවාරිය දින 05ක් රට පුරා ගමන් කිරීමට නියමිතයි. ඒ අතරතුරදී පාපැදි සවාරිය මැයි දින සැමරුම සමඟ එක්වීමටයි සැළසුම් කර ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කර තිබෙනවා. සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රියමහතා ඇතුළු පිරිසක් එක් වුණා.

තව කියවන්​න

හෙරොයින් කිලෝග්‍රෑම් 8ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 16ක් පමණ වන බවයි ගණන් බලා ඇත්තේ. සැකකරු අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් බව සඳහන්.

තව කියවන්​න

විදුලිසැර වැදීමෙන් තෙල්දෙණිය, කරල්ලියද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇත්තේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි 62 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්. පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

තව කියවන්​න

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බවයි. එම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැත.

තව කියවන්​න

වෛද්‍ය චමල් සංජිව මහතා ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයාට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිවයි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා.

තව කියවන්​න

වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු මේ වනවිට වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කලේ.

තව කියවන්​න

මෙම වසරේ ගතවූ මාස කිහිපය තුල රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වී තිබෙනවා. එමෙන්ම අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 20 කින් අතිප්‍රමාණය වී තිබෙනවා. එමෙන්ම ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 11 කින් අතිප්‍රමාණය වී ඇති බව සඳහන්. මහා බැංකුව සඳහන් කලේ යුරෝවලට සාපේක්ෂව සියයට 12.6 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.2 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි.

තව කියවන්​න

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඊජිප්තුවේ මෙරට තානාපතිවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක් ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුනා. මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සදහා වන ශ්‍රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව හා එහි ඉදිරි සැසිවාර පිළිබඳව සාකච්චා වී තිබෙනවා. එමෙන්ම ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින ආයෝජන හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබදවත් එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්. මෙම හමුවේදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊජිප්තුවෙන් ලොකු ලූණු ආනයනය කිරීමේ අවස්ථාව සොයා බැලූ අතර තානාපතිවරයා එවැනි ආනයන සඳහා සහාය වීමට කැමැත්ත පළ කර තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන…

තව කියවන්​න

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල මේ ගම්මාන ඉදිකර ඇති බවයි. ඉන්දියානු රජයේ ආධාර මත මෙම ගම්මාන 7 ඉදිකර තිබෙනවා. මීට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස ගණන 732කි.

තව කියවන්​න