- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
බලපත්‍ර නොමැතිව ව්‍යාජ රත්රන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සමග ව්‍යාජ රත්රන් කිලෝ 4 යි ග්‍රෑම් 170 ක් තමන් භාරයට ගත බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 පසුවන කාන්තාවන් දෙදෙනෙකු බව සඳහන්.
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තවනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පියවර ගනු ඇති බවයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළඹෙන සතියේදී රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. එම නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් ලබන වසර මුලදී වාහන ආනයන තහනම ඉවත් කෙරෙනු ඇති බවයි භාණ්ඩාගාර ආරංචි මාර්ග පවසන්නේ. ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම…
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රුපියල ශක්තිමත්වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවයි. 2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර, එය රුපියල් 450 -500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බවයි අමාත්‍යවරයා…
තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු රටකට පදිංචියට යෑමට තමන්ට අවශ්‍ය නොවන බවයි. දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයනු ලබන එවැනි අසත්‍ය ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි සිය නිවේදනය මඟින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අනතුර සම්බන්ධ සත් පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මැයි මස 10 වනදා වනවිට යුද හමුදාපතිවරයා වෙත ලබාදීමට නියමිතයි. මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පසුගියදා පත් කෙරුනා. ඒ අනුව අනතුර සිදු වූ තරග ඉසව්වේ වීඩියෝ දර්ශන යොදාගනිමින් අදාළ කමිටුව විසින් විමර්ශන කටයුතු මේ වනවිට සිදුකරන බවයි යුද හමුදාව සඳහන් කළේ. දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගය අතර තුර පසුගිය 21 වන ඉරිදා මෙම අනතුර සිදුවුනා. ධාවන තරගයට එක් වූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 07දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා
රුපියල් මිලියන 1 ලක්ෂ තිස්දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා සිදු කිරීමට නියමිතයි. එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි මහා බැංකුව සඳහන් කලේ. එමෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි. තවද දින 364 කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි මහා බැංකුව සඳහන් කලේ.
ප්‍රමිතිය පිළිබද තොරතුරු සහිත කිව් ආර්. කේතය ඇතුළත් ස්ටිකරය ලබන ජුනි මස පළමුවැනිදා සිට මත්පැන් බෝතලයේ මූඩිය උඩ කොටසේ අලවා නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ දැනට එම කිව් ආර් කේතය ඇතුළත් ස්ටිකරය මත්පැන් බෝතල්වල මූඩිය කරමත සඳහන් වුවද එය පැහැදිලි නොවන බවට චෝදනා එල්ල වන බවයි. එබැවින් මෙලෙස කිරීමට පියවර ගත් බවත්, මේ සඳහා නව යන්ත්‍රද ගෙනවිත් ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. මත්පැන්වල ආරක්ෂිත බව තහවුරු කරමින් බෝතලයේ අලවන ලද මෙම කේතය ඇතුළත් ස්ටිකරය හඳුන්වාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මත්පැන් කර්මාන්තකරුවන්ගෙන් විරෝධතාද පැවතුනා.
බන්ධනාගාර තදබදය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා. බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ සමස්ථ බන්ධනාගාරවල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 30,094ක් වන බවයි. ඒ අනුව පවතින තත්ත්වයන් හමුවේ බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හරහා තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන ඒම වැළැක්වීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එලෙස පැමිණෙන පිරිස් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
වර්තමානයේදී රට තුල දික්කසාදවීම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බවයි. දිසා අධිකරණ මගින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ දික්කසාද වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල මහත්මිය සඳහන් කලේ. දික්කසාද වීම්වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ විශේෂයෙන් ද්වේෂ සහගත අත්හැරයාම් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















