- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
Author: accioAdmin
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි ඒ මහතා චෝදනා ලැබ සිටියා. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර ඇත්තේ අදාළ චෝදනාවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට යුක්‍රේනයේ ඔඩෙසා හි පිහිටි මන්දිරයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බව සඳහන්. අදාළ ප්‍රහාරය රුසියානු හනුදාව විසින් එල්ල කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධව ඔවුන් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
සෙවනගල හන්දිය, ගිණිගල්පැලැස්ස ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කලේ. අනතුරින් මියගොස් ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි හා 46 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙක්.
ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින යාචකයන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින යාචකයන්ට මුදල් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිවයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව යාචකයන්ට මුදල් ලබා දීමට කටයුතු කළහොත් ඔවුන්ට දඩ මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව සඳහන් .
අකුණු සැර වැදීමෙන් මාතලේ – රත්තොට – වැල්ගාලයාය ප්‍රදේශයේ දී එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ සිය නිවසේ රැදී සිටින අවස්ථාවේදී මොවුන්ට මෙලෙස අකුරු සැර වැදී ඇති බව සඳහන්. සිද්ධියෙන් වයස අවුරුදු 23 ක තරුණයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි බාල සහෝදරියයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. මේ අතර මුලතිව් – අයියන්කුලම ප්‍රදේශයේදීද අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති නැවයි වාර්තාවන්නේ. ඔවුන් වර්ෂාවත් සමග ගසක් පාමුල සිටියදීයි මෙලෙස අකුණු සැර වැදී වැදීමට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 49ක්.
සේවක අර්ථසාධක අරමුදලේ පොලි අනුපාතය 13% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ පොලි අනුපාතය මෙතෙක් පැවතියේ 9%ක් ලෙසයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලේ පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් චෝදනා කල බවයි. නමුත් එම චෝදනා අර්ථ විරහිත බවත් 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්මත ව පැවැති පොලී අනුපාතය ද ඉක්මවමින් එම මුදල 9% සිට 13% දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කලා. යටියන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කලා.
පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය සඳහන් කලේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්. අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
2020 වසරේ සිට මෙරට මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය සඳහන් කලේ මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක්ද දක්නට ලැබෙන බවයි. 2020 වසරට පෙර පැවති 325,000ක් පමණ වන වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මේ වන විට 280,000 සීමාව දක්වා අඩු වී ඇති බව සඳහන්. ඒ අතර වාර්ෂික මරණ සංඛ්‍යාව 140,000 සිට 180,000 පමණ දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය ජනගහන වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරනු ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගෙන් රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යොමු කර තිබෙනවා. පසුගිය සමයේ නිසි මූල්‍ය කළමණාකරණයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සිය ව්‍යාපාරයට සිදු වූ හානිය වෙනුවෙන් ව්‍යාපාරිකයෙකු වන කාලිංග සිල්වා නැමැත්තා විසිනුයි මෙම එන්තරවාසි යොමු කර ඇත්තේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල් යන අයට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ එවකට සාමාජිකයන් එන්තරවාසි යොමු කළ සෙසු පිරිසවනවා. නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම හේතුවෙන් සිය ව්‍යාපාරයට හානි සිදු වූ බව අදාල ව්‍යාපාරිකයා සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















