Author: accioAdmin

පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා එම ධුරයෙන් ඉවත්විම හේතුවෙන් පුරප්පාඩු වී ආණ්ඩුකාර ධුරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබෙනවා. මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා නසීර් අහමඩ් මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

තව කියවන්​න

මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් සති 2ක පමණ කාලයකින් පසුව පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ මේ දිනවල පවතින අන්තර් මෝසම් වැසි ද ඉදිරි සති දෙක ඇතුළත නිමා වන බවයි.

තව කියවන්​න

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත මහතා සඳහන් කලේ වැටුප් සහ දීමනා ගැටලු‍වක් මුල් කරගනිමින් අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වීමට තීරණය කල බවයි. මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

2023 වසරට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ අසු එක්දහස් හාරසිය හතලිස් පහක් ඉදිරිපත් වුනා. එමෙන්ම පෞද්ගලික අයැදුම්කරුවන් හැට පන්දහස් පන්සීය තිස් එක දෙනෙකුද ඒ සඳහා අයදුම් කර තිබුනා. ඒ අනුව අයැදුම්කරුවන් 3 ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක ගේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් සිදු වන බව වාර්තාවනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදර්ම ඇලකන්ද මහතා සඳහන් කලේ වෙනත් ප්‍රභයන් මගින් විදුලිය නිෂ්පාදනයට වඩා මෙමගින් විදුලිය නිෂ්පාදනය ලාභදායි බවයි. මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන එක්දාස් පන්සියයක පමණ ඉතිරියක් සිදුව ඇති බව සඳහන්. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය 2008 වසරේ අප්‍රේල් 21 වෙනිදා ආරම්භ කෙරුණු අතර පදුගිය 24වනදා එය ජනතා අයිතියට පත් කෙරුනා.

තව කියවන්​න

පකිස්ථානයට තවත් ඩොලර් බිලියන 1.1 ණය මුදලක් මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී තිබෙනවා. ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමකින් අනතුරුවයි මෙම මුදල් අනුමත වුණේ. පකිස්තානය තම ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් වැඩසටහනක් අපේක්ෂාවෙන් සිටිනවා. මූල්‍ය අරමුදල තහවුරු කළේ පසුගිය වසරේ අත්සන් කරන ලද ගිවිසුමෙන් එකඟ වූ ඩොලර් බිලියන 3 ක සම්පූර්ණ ණය මුදල් යටතේ මෙම ඩොලර් බිලියන 1.1 ක වාරිකය ලබා දෙන බවයි. ඉරිදා රියාද්හි පැවති ලෝක ආර්ථික සංසද රැස්වීමට සමගාමීව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හා මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර පැවති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

තව කියවන්​න

ගීත 7ක් ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව, ජුනි 18 දක්වා දීර්ඝ කර තිබෙනවා. “අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත අධිකරණය විසින් වාරණය කරන ලද ගීත අතරට ඇතුලත්. එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබුනා.

තව කියවන්​න

ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂා තුනෙන් සකස් කරනු ලැබ ඇති විදුලි සංදේශ(සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බව සඳහන්. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

තව කියවන්​න

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කලේ. ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවෙහොත් ඒ සම්බන්ධයෙන් 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල පනත යටතේ ඇති ප්‍රතිපාදන මත කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කලේ. එමෙන්ම අසත්‍ය තොරතුරු ලබා දීමක් පිළිබඳ දැනුවත්වීමක් සිදු වුවහොත් නිලධාරී කණ්ඩායමක් යොදවා පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික්…

තව කියවන්​න

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි ඒ මහතා චෝදනා ලැබ සිටියා. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර ඇත්තේ අදාළ චෝදනාවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

තව කියවන්​න