- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
Author: accioAdmin
පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු පළාත් කාර්යාල අද විවෘතව පවතිනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයින් සදහා පමණක් අද සේවාවන් සපයන බවයි. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 01 දක්වා එම කාර්යාලය විවෘතව පවතින බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී තුන්වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුණා. එහිදී ඔහු විසින් වාර්තා කළ කාලය 10 .18 ක්. එමෙන්ම කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව තිබෙනවා.
බන්ධනාගාර තුනක ජංගම අධිකරණ ශාලා විවෘත කර තිබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ මුල්‍යමය දායකත්වය යටතේයි මෙම ජංගම අධිකරණ පද්ධතිය සකස් කර ඇත්තේ. අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකෙරුණු එම අංශය විවෘත කිරීම ඊයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එමෙන්ම මාතර සහ ගාල්ල බන්ධනාගාර තුළ ද ජංගම අධිකරණ ශාලා විවෘත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ට ද වගකීමක් පැවරී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා. රජය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අභියෝග කිරීම නොකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් මහතා මෙහිදී සදහන් කළේ.
සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණිමට ජාතික ජන බලවේගය පැකිලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. විවාද මෙන්ම එක්ව සියලු පාර්ශව එක්ව රටට සේවයක් කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය රුපියල් ලක්ෂ 33ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ඊයේ මුදල් අමාත්‍යංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම සිදුකෙරුණා. මෙම අවස්ථාවට සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රිඩක වෙන්දේසිය ලබන මැයි 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ කොළඹදී එල්.පී.එල් ක්‍රිඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත බවයි. මෙවර ක්‍රිඩක වෙන්දේසිය සදහා ක්‍රිඩකයින් 500 දෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබෙනවා. 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජුලි 01 වනදා ආරම්භ කිරීමට නියමිතයි.
අවාරයේ ශ්‍රී පාද වන්දනාව සම්බන්ධයෙන් ශ්‍රි පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. උන්වහන්සේ පැවසුවේ අවාරයේ ශ්‍රී පාද වන්දනාවට අවසර හිමිවන්නේ විදේශිකයින්ට පමණක් බවයි. දේශිය සංචාරකයින්ට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට අවාරයේ ශ්‍රී පාද වන්දනාවට අවසර හිමි නොවන බවයි ධම්මදින්න හිමියන් සදහන් කළේ. දේශිය සංචාරකයින් ශ්‍රි පාද පුද බිමට සහ පරිසරයට විශාල ලෙස හානි සිදුකිරීම හේතුවෙන් මෙලෙස අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. මෙවර ශ්‍රී පාද වන්දනා වාරය මැයි මස 24 වනදායි අවසන් වීමට නියමිතව තිබෙනවා. හැටන් වාර්තාකරු – රංජිත් රාජපක්ෂ
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මෙහිදී පැය දෙකකට ආසනන්න කාලයක් මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
සෙව්යට වාර්තා නොකර සටිින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කරන ලෙස එකස් ත් රණවිරු පජ්‍ර ාව රජයෙන් ඉලල් මී ක් කරනවා. එහි සභාපති කපති ාන් අසේල ධර්මසිරි මහතා පැවසුවේ බහතු රයක් රණවිරුවන් මේ වන විට විදෙස් ගතව සටිි න බවයි. තානාපති කාර්යාල මගින් නීත්‍යානූකුලව සේවයෙන් ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබ ද අවබෝධයක් ලබා ගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බව ද අසේල ධර්මසිරි මහතා සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















