Author: accioAdmin

රුපියල් බිලියන අසූවකට ආසන්න මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරේදී ගිනි තබා විනාශ කර තිබෙනවා. මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූල නොවන තත්ත්වයේ තිබූ රුපියල් බිලියන 79.82ක මුදල් නෝට්ටු මෙලෙස විනාශ කර ඇති බව සඳහන්. මහ බැංකුව විසින් ඉකුත් වසරේදී නව ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 250 ක් ඇණවුම් කර තිබෙනවා. ඒ අනුව රුපියල් බිලියන 469.28ක වටිනාකමකින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ රුපියල් මිලියන 571.95ක වටිනාකමකින් යුතු කාසි සංසරණය සදහා නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ඒ මහතා පවසන්නේ. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බව නන්දන රණසිංහ මහතා…

තව කියවන්​න

මැයි මාසය තුල දැක බලාගත හැකි ප්‍රධානතම උල්කාපත් වර්ශාවක් ඊටා ඇක්වා රිට්ස් නම් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේදී දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා. අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා සඳහන් කලේ අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේදී නැගෙනහිර අහස නිරීක්ෂණය කළහොත් මෙම උල්කාපාත වර්ෂාව දැකිය හැකි බවයි.

තව කියවන්​න

මාර්ග බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අන්දමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවලින් අය කරන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන කෙටුම්පත ප්‍රවාහන අමාත්‍යාංශය මගින් නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුව වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියාමනය මත දුර ගමන් සේවා බස් රථ තුන්දහස් දෙසීයක් නියාමනය වන අතර, එම බස් රථවලට අමතරව මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් මගීන් ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු කෙරෙන බව සඳහන්.

තව කියවන්​න

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණය හමුවේ නඩු පැවරුවහොත් තමන් කම්කරුවන්ගේ පාර්ශ්වය සඳහා සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පාර්ශ්වයේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට සහ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අදාල වැටුප වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත්…

තව කියවන්​න

චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ සාම්පල ලබා ගැනීම සඳහා චීනය අභ්‍යවකාශ යානයක් සාර්ථකව දියත් කර තිබෙනවා. මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. එම අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට ඊයේ පස්වරු 5:27 ට පමණ ගුවන් ගත කෙරුණා. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට පැවසුවේ ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇති බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසානයේදී දකුණු අප්‍රිකාණු තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග දෙකක් මෙහිදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන නොවැම්බර් 27 වනදා ඩර්බන්හිදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. ඇයගේ නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ අවසන් ගිවිසුම පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති. එමෙන්ම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

දියතලාවේ පැවති ෆොක්සිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් දිවි අහිමිවුවන් සදහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේ මෙම අනතුරින් ජීවිත අහිමි වු සහ තුවාල ලැබුවන්ට වන්දි ලබා දෙන බවයි. ඒ අනුව අනතුරින් මියගිය පුද්ගලයෙකුට රුපියල් මිලියනක් සහ තුවාල ලැබු අයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාදීම තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු පළාත් කාර්යාල අද විවෘතව පවතිනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයින් සදහා පමණක් අද සේවාවන් සපයන බවයි. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 01 දක්වා එම කාර්යාලය විවෘතව පවතින බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

තව කියවන්​න