- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී තිබෙනවා. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ. බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා 2014 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරනු ලැබුවා. එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එම ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. ඒ අනුව බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතයි..
පානදුර ප්‍රදේශයේ පැවතී සංගීත ප්‍රසංගයක් අතර තුර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. පානදුර උතුර පොලීසිය සඳහන් කලේ පලතුරු කපන පිහියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයකු බව සඳහන්. ඝාතනය සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
යාපනය අවරන්ගල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අච්චුවේලි පොලිසිය පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බවයි. මෙම නිවස දෙකකට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ගත් බවයි පොලිසිය සඳහන් කලේ. ප්‍රහාරය හේතුවෙන් නිවැසියන්ට හානි සිදුව නැති අතර නිවෙස් වලට තරමක් දුරට හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ නම , රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ. සෙලෙන්ස්කිගේ සම්පූර්ණ නම, උපන්දිනය, උපන් ස්ථානය සහ ඡායාරූපයක් රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රදර්ශනය කර තිබෙනවා. නමුත් සෙලෙන්ස්කිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඔහු කළ වරද කුමක්දැයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු සඳහනක් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා. අඛණ්ඩව ඩොලර් 90ක් ආසන්නයේ පැවතුනු බොරතෙල් මිල සතිය අවසන් වන විට ඩොලර් 82 ක මට්ටමට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ. ඒ අනුව සති අන්තයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 82.96ක් ලෙසයි සටහන් වුයේ. එය මාර්තු 11 වනදායින් පසු වර්තා වූ අඩුම අගයයි. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 78.12 ක් ලෙසයි. ඒ අනුව එහි මිල සියයට එකකින් අඩුවී තිබෙනවා.
ලුණුගල , පීස්ස කෙසෙල්වත්ත ප්‍රදේශයේ කුඹුක්කන් ඔයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, හෝප්ටන්, ලුණුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පසුගිය 03 වනදා උදෑසන කාලයේදී ලුණුගල නගරයට පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ලුණුගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව, ලුණුගල පොලීසිය විසින් සැකකටයුතු ලෙස කුඹුක්කන් ඔයේ මියගොස් සිටියදි අදාල පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ දිසුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද දහවල් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි. මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීම සිදුව ඇති අතර ඊට හේතුවේ මෙතෙක් අනාවරණ වී නැහැ .
කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම ඊයේ සිදු කෙරුනා. මධ්‍යම පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත නුවරඑලිය මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මෙසේ කාසල්රි ජලාශයට මුදා හැරුණා. කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට සහ වතු ආශ්‍රිත ජනතාවගේ ප්‍රෝටීන් ඌණතාවය ඉහල දැමිම සදහා මත්ස්‍ය ඇගිල්ලන් ජලාශවලට මුදා හැරි බවයි මධ්‍යම පළාත් මිරිදිය ධිවර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක නිශ්ශංක ප්‍රේමලාල් මහතා සඳහන් කලේ.
අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුවයි මෙම වෙනස් කිරීම සිදුකර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත අන්තර්ගත කර තිබෙනවා. එමෙන්ම පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාතමක කිරීම අධ්‍යාපන අමාත්‍යංශය ශීර්ෂයට යටතට ඇතුළත් කර ඇති බව සඳහන් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා. පවතින අධික වියළි කාලගුණයත් සමග අද උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති බවයි වාර්තාවන්නේ. එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස තිබෙනවා. ජලාශයන්හි ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














