- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම වෙනුවෙන් මෙම නව පර්යන්තය විවෘත කරන බවයි. දිනකට සිලින්ඩර 60000ක් නිකුත් කිරීම හේතුවෙන් ඒ සඳහා කෙලවරපිටිය පර්යන්තය ප්‍රමාණවත් නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.
කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු බසය තුලදීම මරණයට පත්ව තිබෙනවා. නිට්ටඹුව පොලිසිය සඳහන් කලේ මියගිය පුද්ගයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. බස් රථය නිට්ටඹුව ප්‍රදේශයට ආසන්න වෙමින් තිබියදී අදාළ මගියා රෝගී තත්ත්වයට පත් වී ඇති අතර නිට්ටඹුව පොලිසිය අසලදී බස් රථය නවතා සුව සැරිය ගිලන් රථය ගෙන්වීමටයි බස් රථ රියැදුරුවරයා කටයුතු කර තිබුනේ. ඒ අනුව සුවසැරීය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ රෝගියා ඒ වන විට මියගොස් ඇති බව හෙළිව තිබෙනවා. පසුව නිට්ටඹුව පොලිසිය මැදිහත්ව මෘත දේහය වතුපිටිවල මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ඉපයීමට නොවන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ මහ බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 114ක පාඩුවක් ලබා ඇති බවයි. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ ප්‍රමුඛ කාර්ය භාරය බවයි ඒ මහතා සඳහන් කලේ. මහ බැංකු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කලා.
පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ
නව ග්‍රාම නිලධාරීන් 1942ක් සඳහා නව පත්වීම් ප්‍රශනය කිරීම හෙට සිදු කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ග්‍රාම නිලධාරි 3 වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම ලේඛනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඊයේ නිකුත් කර තිබුනා. පත්වීම් ලබන සියලු දෙනාගේ නම් www.moha.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සන්දාහං කලේ. විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනි දින…
මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ෂණවලට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බව සඳහන්. සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍ය බලා පළා යාමට සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළේ ස්වයංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුනා.
ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටි ඇති වාර්තවනවා. මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදිකරමින් පවතින්නේ වෙල්යායක වන අතර එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී තිබෙනවා. පවතින තත්වය අනුව මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කලේ.
කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 සහ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයි දෙදෙනෙක්. ඔවුන් මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කලේ. කිඹුලාවල ප්‍රදේශයේ සිට නවරෝහලට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තරුණයින් ජයවර්ධනපුර සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ පැදිකරුවන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වර්ත්වන්නේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි පුද්ගයෙක්. වෙඩි තබිනට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සහල් සහනාධාරය ලබා නොදුන්නැයි උරණවූ කාන්තාවක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර තිබෙනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරිය බව සඳහන්. මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති අතර එහිදී මෙම පහරදීම සිඋව තිබෙනවා. පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරීවරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ. සිද්දිය සම්බන්ද සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













