- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
බොහෝ දේශපාලකයින් ක්‍රියා කරනු ලබන්නේ ජනතාව තුල සෙසු දේශපාලකයින් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් රථ වාහන ධාවනය සඳහා වසා දමා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මාර්ගයේ ගස් අතු ඉවත් කිරීම හා අනාරක්ෂිත ගල් කොටස් කඩා ඉවත් කිරීමේ කටයුතු ඊයේ උදැසන ආරම්භ වුනා. එම කටයුතු තවදුරටත් සිදුවන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
සමගි ජන බලවේගය හා ජාතික ජන බලවෙගයේ ආර්ථික කමිටු අතර සහ නායකයින් අතර විවාය සඳහා තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පක්ෂ දෙක අතර ආර්ථික කමිටු විවාදය අත්‍යවශ්‍ය බවයි. පුත්තලම දිස්ත්‍රික්කයේ පැවතී ජන හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කලා.
දේශපාලනමය වශයෙන් අනාථභාවයට පත්ව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තත්වයෙන් මුදා ගැනීමට හැකිවූ බව එම පක්ෂයේ සභාපති, අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ තම පාක්ෂිකයින් මින් ඉදිරියට කිසිඳු සැක සංකාවක් ඇති කර ගත යුතු නැති බවයි. තම පක්ෂය ප්‍රමුඛ සන්ධානය මගින් ඉදිරි ජනාධිපතිවරයා තීරණය කරන බවයි අම්බලන්තොට ප්‍රදේශයේ ඊයේ පැවතී ජන හමුවට එක් වෙමින් අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කලේ ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව පොසොන් මංගල්‍යය වෙනුවෙන් අමතර බස්රථ 400ක් යෙදවීමට කටයුතු කරන බවයි. අනුරාධපුර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේදී අද පැවති පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා. මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතයි. මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟ හැරීම සඳහා මීට පෙර…
තමාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දී තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වී ඇතැයි කියන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී තිබුනා. ඒ අනුවයි මෙම කැඳවීම සිදු කර ඇත්තේ.
2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනේ පසුගීය බ්‍රහස්පතින්දා දිනයේයි. නමුත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ . පසුගිය මස මැයි මස 6 වනදා ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්වුණා.
නිවසක උඩුමහලෙන් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එක දරු පියෙක්. අදාළ නිවසේ උඩුමහලේ ආරක්ෂක වැටක් නොමැති අතර ඒ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.
ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ දී චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුධල්යෙක් බව සඳහන්. සැකකාර චීවරධාරියා මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බවයි වාර්තා වී ඇත්තේ. අදාළ චීවරධාරියා විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ වැඩවාසය කර තිබෙනවා. කෙසේවෙතත් සිද්ධියෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.62ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එය 0.31%ක අඩු වීමක් බව සඳහන්. එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.53ක් ලෙස සටහන් වූ අතර එහි අඩුවීම දැක්වුණේ 0.3%ක් ලෙසයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222