- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනුයි අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ. ඒ සඳහා පත් කළ කමිටු වාර්තාව හෙට ලැබීමට නියමිතයි. මේ අතර 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් හෙට දින සිට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. හෙට පෙරවරු 6.00 සිට විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීම ඔන්ලයින් අයදුම්පත් ලබා ගත හැකියි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි 05වනදා බවයි විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිවේදනය කරන්නේ .
වන අලි පහරදීමක් හේතුවෙන් විදෙස් සංචාරකයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ හබරන තලපත්කන්ද ප්‍රදේශයේදී අදාළ විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථයට වන අලි ප්‍රහාරය එල්ල වී තිබුනා. වනඅලියාගේ පහරදීමෙන් ජීප් රථයට ද හානි සිදුව ඇති බව සඳහන් සිද්ධියෙන් තුවාල ලැබූ විදේශිකයන් ප්‍රතිකාර සඳහා හබරන දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නිට්ටඹුව හොරගොල්ල වලව්වේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්දිය සම්බන්දයෙන් එහි මුරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුරකරුවන් දෙදෙනා සමග බෝර12 බලපත්‍ර සහිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සොරකමක් සඳහා වත්තට ඇතුළුවන්නට ඇති බවටයි සක මතුව ඇත්තේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තැනැත්තා වතුපිටිවල රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ශක්තිමත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ වෙළෙඳ ,ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධයෙන් එම සම්බන්දතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස් ෂගාරියන් මහතා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.. අරලියගහ මන්දිරයේදී පැවතී මෙම හමුවේදී රුසියාවේ යුද කටයුතු සඳහා මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යැවීමේ ගැටලුව ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කලේ යුද හමුදා වැටුපට සමාන ලෙස පොලිස් නිලධාරීන්ගේ වැටුපද ඉහල නංවන බවයි. පොලිස්පති විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලා.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාදා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති ඇති බවයි. පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙලෙස පිලි පැනීමට ලක්ව ඇති බව සඳහන්. දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටීම හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවයි එම දෙපාර්තමේන්තු සේවකයකු සඳහන් කලේ.
දක්ෂිණ අධිවේගයේ 61වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. මේ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.
මීගොඩ ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුව ගෙන තිබෙනවා. මීගොඩ පොලිසිය සඳහන් කලේ පහර කෑමට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු බව සඳහන්. පහර කෑමට ලක්වූ දැරිය සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර ඇති අතර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෙට මධ්‍යම රාත්‍රීයේ සිට 13 වනදා මධ්‍යම රාත්‍රීය වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු, චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි. සේවක හිඟය උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වුර්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි ඒ මහතා සඳහන් කලේ.
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මලාවි රාජ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් ගත ගුවන් යානය අතුරුදන් වී ඇති බවටයි ඊයේ විදෙස් මාධ්‍ය සඳහන් කලේ. දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් පසු අතුරුදන් වූ යානය චිකන්ගාවා වනාන්තරයේ තිබී සොයා ගෙන තිබෙනවා. එහි සිටි සියලු දෙනාම මියගොස් ඇති බව මලාවි රාජ්‍ය ජනාධිපති ලේකම් කොලීන් සම්බා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මලාවි ආරක්ෂක බළකායට අයත් මෙම ගුවන් යානය එරට අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222