Author: accioAdmin

ලබන වසරේ සිට කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ලබන අප්‍රේල් පළමුවනදා සිට එය ක්‍රියාත්මක වන බව සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම නව බද්ද පැනවීමට තීරණය කර ඇත්තේ. රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ. ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමයි. මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව…

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුව තිබෙනවා. ‘ජී7’ රාජය නායක සමුළුවට සමගාමීවයි. මෙම හමුව සිදුව ඇත්තේ එහිදී ඉන්දිය සංචාරයක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මෝදි පාප්තුමා ට ඇරයුම් කර ඇති බව සඳහන්. අසනීප තත්ත්වයෙන් පසුවුවත් පාප්තුමන් එම ආරාධනය පිළිගත් බවයි වතිකානය සඳහන් කරන්නේ.

තව කියවන්​න

වෙළෙඳපොළ තුල බිත්තර මිල ගණන් යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 55 – 60 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේ අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි . මේ අතර, සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයද පවසන්නේ රතු බිත්තරයක මිල රුපියල් 50ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 49ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තව කියවන්​න

මධ්‍යම තායිලන්තයේ අලි මධ්‍යස්ථානයක් තුල දුර්ලභ නිවුන් අලි උපතක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගැහැණු සහ පිරිමි අලි පැටවුන් දෙදෙනෙකු මෙලෙස ඉපදී ඇති බවයි නිවුන් අලි උපත් සියයට එකක් පමණක් සිදුවන අතර පිරිමි – ගැහැණු පැටවුන් ඉපදීම ඊටත් වඩා දුර්ලභ බවයි සේව් ද එලිෆන්ට් නම් පර්යේෂණ සංවිධාන දත්තවලට අනුව දැක්වෙන්නේ. මෙලෙස නිවුන් අලි පැටවුන් බිහි කර ඇත්තේ චම්චුරි ලෙසින් හැඳින්වෙන ආසියාතික කෙණරක් විසිනුයි.

තව කියවන්​න

මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා හෙට දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම සැලැස්ම අනුව 2024 තුන්වන කාර්තුවේ දී පොදු මගී සහ විශේෂ කාර්ය වාහන ආනයනය ආරම්භ වන බව සඳහන්. මෙම වසරේ ම සිව්වන කාර්තුවේ දී භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමටත්, ඉතිරි වාහන 2025 දී ආනයනයට අවසර දීමටත් සැලසුම් කර තිබෙනවා. පැවැති ආර්ථික අර්බුදකාරිත්වය හමුවේ එවකට පැවතී රජය වාහන ආනයනය සීමා කිරීමට තීරණය කළ අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 0.8ක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා.

තව කියවන්​න

මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ පිලිබඳ නව චක්‍රලේකයක් නිකුත් කරන ලෙසයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත්තේ. මෙහිදී පොලිස් සැරයන්වරයකුට ගෙවූ රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ගෙවූ රුපියල් 2000 දීමනාව රුපියල් 7000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයකුට ගෙවූ දීමනාව රුපියල් 2500 සිට 7000 දක්වාත් ඉහළ නැංවීමට නියමිත බව සඳහන්. රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කිරීම හා දිරිමත් කිරීම මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීම මෙහි අපේක්ෂාවයි. අව්, වැසි, බාධක මධ්‍යයේ පැය දොළහක පමණ කාලයක්…

තව කියවන්​න

අද පස්වරු 02 සිට ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කරනවා. ඔවුන් පවසන්නේ සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බැවින් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයනට අවතීර්ණ වන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් ශ්‍රේණීන්ගේ ගැටලුවලට පමණක් විසඳුම් ලබාදෙන දුම්රිය පාලකයන් සිය ඉල්ලුම්වලට අද දහවල් වනවිට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කලේ .

තව කියවන්​න

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නිතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කලේ ජනාධිපති ලේකම්කා ර්යාලයේ පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි තමා ඔහුට පහර දුන් බවත් ඒ හේතුවෙන් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවත් අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා අවස්තා හතරකදි මාධ්‍යය හරහා චෝදනා එල්ල කර තිබු බවයි. නාවලපිටිය ප්‍රදේශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා සඳහන් කරන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවයි.. ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාලරාමුවක් සකස් කරගැනීම සිදුවෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ ‘ආටිකල් iv’ උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කලා.

තව කියවන්​න

කතරගම පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්. රුහුණු කතරගම ඇසල මහ පෙරහැර ජුලි 06 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව රුහුණු කතරගම ඇසල මහ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන ජූලි මස 6 වනදා සිට ජුලි 22 දක්වා එම ප්‍රදේශයේ සියලු සුරාසැල් වසා තබන බව සඳහන්. බලපත්‍රලාභී සුරාසැල් වසා දැමීමට සුරාසැල් කොමසාරිස්වරයා ද දැනුවත් කර තිබෙනවා.

තව කියවන්​න