- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
තායිලන්ත රජය විසින් සමරිසි විවාහ අනුමතකර තිබෙනවා. ඒ පිලිබඳ සුවිශේෂී පනත් කෙටුම්පතක් එරට රජය විසින් අනුමත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. සම්මත කර තිබෙනවා. අද පස්වරුවෙදියි මෙම පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත්තේ. මෙලෙස සමරිසි විවාහ නීතිගත කළ ආසියාතික රාජ්‍යයන් අතර නේපාලයට පසුව සිටින තුන්වැනි රට බවට ද අද තායිවානය පත් වූ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම සමරිසි කෙටුම්පතට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලැබී ඇති අතර එය රාජකීය අනුමැතිය සඳහා මාලිගාවට යවා තිබෙනවා. නීතිය බලාත්මක වන්නේ එය රාජකීය ගැසට් පත්‍රයේ පළ වී දින 120කට පසුව යි.
සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් විසින් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට කළුතර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ. පැහැරගෙන යාමට ලක්වූ තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව කළුතර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වී ඇති බව වාර්තාවනවා. ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි අප වාර්තාකරු සඳහන් කලේ. විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර අදට දින 45කට අධිකයි. නමුත් බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොමැති වීම හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමටයි කටයුතු කර තිබුනා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව සඳහන්.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා වන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු බව සඳහන්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නම් එවැනි තැනැත්‍තකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලබනු ඇත. එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රජයේ නිලධරයකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි…
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි. මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්. මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් පොල්තෙල් රටතුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බවයි සභාපතිවරයා පවසන්නේ.
අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදුකරන අතර, අවසන් සංගණනය සිදුකරනු ලැබුවේ පසුගිය 2011 වර්ශයේදී. කොවිව් වසංගතය හේතුවෙන් 2021 වසරේ පැවැත්වීමට තිබූ අලි සංගණනය කල් දැමීමට සිදුවුණා. ඒඅනුව මෙවර අලි සංගණනයක් සිදු වන්නේ වසර 13කට පසුවයි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහාය සහිතවයි මෙම සංගණනය සිදු කිරීමට සැළසුම් කර තිබෙන්නේ.
පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු මෙතෙක් අවසන් වී නැහැ. එබැවින් දුම්රිය සේවා වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. කෙසේවෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර තිබෙනවා. එම මාර්ගය ඔස්සේ මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.. කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් හට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමි හමුවී තිබෙනවා. ඒ මන්නාරම රදගුරු නිල නිවසේ දියි. එහිදී රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය උන්වහන්සේ අගය කර ඇති බව සඳහන්. එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ උන්වහන්සේ සාකච්ඡා කර තිබෙනවා.. මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්.
ඉන්දීය තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රදීප් කේ. විජයන් සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. එරට මාධ්‍ය සඳහන් කරන්නේ දින 02ක් පුරා මෙම රංගන ශිල්පියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ ඔහුගේ මිතුරන්ට ඇතිවූ සැකයක් මත පොලිසියට පැමිණිලි කර ඇති බවයි. එහිදී ඔහුගේ අගුළු දැමූ නිවස පිළිබඳ සැක මතුව පසුව පොලිසිය අගුළු කඩා නිවසට ඇතුළු වී ඇති අතර එහිදී නිවස තුල මියගොස් සිටි විජයන්ගේ සිරුර සොයාගෙන තිබෙනවා. මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙනෙන්නට තිබුනත්, මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ..
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අම්ත්යවර්ය සඳහන් කරන්නේ සජබ මෙන්ම මාලිමාවද එය වක්‍රව පිළිගෙන ඇති බවයි. එවන් පසුබිමක ජනාධිපතිවරණයේදී අත්හදා බැලීමක් සිදුකර නැවත රට අගාදයකට ඇද දමනවාදැයි ජනතාව තීරණය කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මේ බව සඳහන් කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222