- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි අදාළ අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 15 ක සේවා කාළයක නිරතව සිටින මාතර , හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ගුවන් මගින් පැමිණි කිසියම් මගියෙකු විසින් අදාළ රන් බිස්කට් තොගය ඔහුට ලබාදී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිටකර දුනහොත් රුපියල් හැටදහසක මුදලක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් මත බව සඳහන්.
සිය බිරිඳගේ සිරුරට ගිණි තබා මරා දැමූ ස්වාමි පුරුෂයකුට යාපනය මහාධිකරනය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා. යාපනයේ මනිපායී කාකායී ප්‍රදේශයේ පුද්ගලයකු විසින් 2015 ජූනි මස 20 වෙනිදා පවුල් ආරවුලක් මත සිය බිරිඳ මෙසේ ඝාතනය කර ඇති බව සඳහන්. සිද්ධියෙන් පසුව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වසර 02ක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව තිබෙනවා. පසුව මෙම නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී වසර තුනක් මුලුල්ලේ පැවති නඩු විභාගයකින් පසුව යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමකුමාර් මහතා විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා. සැකකරුට එරෙහිව පොලීසිය විසින් ගොණු කොට තිබූ සියලුම චෝදනා පැහැදිලිව ඔප්පු වී…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කලේ ඊට අදාළ පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමද නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ…
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. මේ අනුව ලබන 26 වනදා සිට 30 වනදා දක්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහිදී අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නම් අතරේ ඉහළටම තැනට ශාරුක් ඛාන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව ඔහුගේ දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක් බවයි වාර්තා වන්නේ. මෙවර නිකුත් කළ ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ධනවත්ම නළු නිළියන් අතර, දකුණු ඉන්දීය නළුවන් ඉහළින්ම සිටින බව සඳහන්. උතුරු ඉන්දීය නළුවන් වූ සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් ද එම වාර්තාවන්ට ඇතුළත්. සල්මාන් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 2,900ක් වන අතර, අමීර් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 1862ක් බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් නියමිත දිනය පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. ලබන මස 10 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීම සිදු කල හැකියි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතුයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්, ජංගම දුරකථන යෙදවුමෙන් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකි අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගත හැකි බවයි.
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අදාළ පැමිණිල්ල කර ඇති බව සඳහන්. කෘතිම බුද්ධි තාක්ෂණය ( AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී තිබෙනවා. මේ අතර කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර…
හඟුරන්කෙත , මැදගම ප්‍රදේශයේදී විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටීම හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ අඹගමුව උඩබුලත්ගම ප්‍රදේශයේ පදින්චිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ අයෙක් බව සඳහන්.
නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. වත්මන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවට විවිධ පාර්ශවවල චෝදනාවන්ද එල්ල වුණා. කෙසේනමුත් මින් පෙර කටයුතු කළ කිසිදු නීතිපතිවරයෙකුට සේවා දිගු ලබාදීමට කටයුතු කර තිබුණේ නැහැ.
විවාහ මංගල උත්සවයක් අතර තුර අතුරුදන් වූ බව කියන සිව් හැවිරිදි පිරිමි දරුවා නොර්වුඩ් ප්‍රදේශයේම ලඳු කලාවක සිටියදී හමුවී තිබෙනවා. අදාළ දරුවා අතුරුදන් වී ඇති බවට ඔහුගේ මව්පියන් විසින් ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබුනා. ඒ අනුව සිදුකල සෝදිසි කිරීම වලදියි අදාළ දරුවා කාලය තුල සිටියදී සොයාගෙන ඇත්තේ. අදාළ දරුවා නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි ඇති බවත් මුලික පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව දරුවා කදු මුදුණේ ළදු කැළැවක කාණුවකට වැටි සිටියදි හමුවූ බවයි දරුවාගේ පියා සඳහන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222