- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත බවයි නාවික හමුදාව සඳහන් කලේ. ඒ අනුව අදාළ යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලය වටලන මෙහෙයුම මගින් සිදුකල වැටලීම් 691කදී සැකකරුවන් 677ක් සහ සැකකාරියන් 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ මෙහෙයුමක්පසුගිය 17 වනදා ආරම්භ කෙරුනා. ඒ අනුව අත්අඩංගුවට ගත පිරිසෙන් සැකකරුවන් තිස් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් සැකකරුවන් 18ක් පුනරුත්ථාපනය සඳහා යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. විෂ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමේදී බස්නාහිර පළාතෙන් පමණක් සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර දකුණු පළාතේ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 72ක් .
පක්ෂ නායකත්වය විවේචනය කිරීම පිළිබඳව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. පක්ෂය තුළ සිට නායකත්වය විවේචනය කිරීම සුදුසු කටයුත්තක් නොවන බවයි ඒ මහතා සඳහන් කලේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා ලේකම්වරයා සඳහන් කලේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවයි.
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු නීතිඥවරයකු මාර්ගයෙන් අද උදැසන හංවැල්ල පොලිසියට භාර වී ඇති බව සඳහන්. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් සිව් දෙනා ද අත් අඩංගුවට ගත් බවයි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කලේ. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් යන වයස්වල පසුවන කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙක්. තමන් සිය නිවස බලා යමින් සිටියදී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු බලහත්කාරයෙන් තමන්ව යතුරු පැදියක නංවාගෙන ජල්තර…
මෙරට ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා සඳහන් කරන්නේ 2022 වසරේ හඳුනාගත් ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ බවයි. එසේම 2023 වන විට එම සංඛ්‍යාව 690 දක්වා ඉහල ගොස් තිබෙනවා. එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් බවයි ඒ මහතා පවසන්නේ. විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බවත්, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29 ට අඩු බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා පවසනවා.
මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකෙරුණු නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුනා. මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,055ක වියදමක් දරා ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයේ කළේ.
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම අදාළ පුගලයා තම පක්ෂයෙන් මැතිවරණය සඳහා පමණක් ඉදිරිපත් වන පුද්ගලයකු නොවිය යුතු බවයි ඒ මහතා පවසන්නේ. තවද පක්ෂයෙන් ඉවත්ව කටයුතු කරන පුද්ගලයින් සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටීමෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පවසන බවද එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට වෙන්ව යා හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.
යාපනය ප්‍රදේශයේදී කඩු පහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ යාපනය,නගරයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමකදී සැකකරුගේ නිවස තුළ තිබි අදාළ කඩු පහ සොයාගත් බවයි. සැකකරු කිසියම් අපරාධ වෙනුවෙන් අදාළ කඩු යොදාගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කඩු යොදාගනිමින් විවිධ අපරාධ සිදුකරන කල්ලි කිහිපයක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බැවින් අදාළ සැකකරු එවැනි කල්ලි සාමාජිකයෙකුද යන්න සම්බන්ධයෙන්ද විමසීම් කරන බවයි පොලිසිය සඳහන් කලේ.
හලාවත – පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සුඛෝපභෝගී බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් මියගොස් ඇත්තේ මගුරන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්. ඇත තවත් පිරිසක් සමග පොසොන් සිරි නැරඹීම සඳහා ගොස් පැමිණෙමින් සිටියදී අදාළ අනතුරට මුහුණ පා තිබෙනවා. සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. මේ අතර මැදවච්චිය – තලෙයිමන්නාරම මාර්ගයේ 57 වන කිලෝමීටර කණුව ආසන්නයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 72 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව සලසා දී තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි. මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුනා. කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කල බවයි කොමසාරිස්වරයා සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222