Author: accioAdmin

මේ මාසයේ ගතවූ දින කිහිපය තුල ඩෙංගු රෝගීන් 3200 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි. එම රෝගින් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාරථා වන බවයි එම ඒකකය පවසන්නේ. එමෙන්ම කොළඹ, කළුතර, කල්මුණේ සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද ඩෙංගු රෝගින් සැලකිය යුතු ගණනක් වාර්තා වී තිබෙනවා. සමස්තයක් ලෙස වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 71,000ක් පමණ වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

ප්‍රංශ සුඛෝපභෝගි සන්නාමයක් වන  LVMH හි ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් Forbes සඟරාවේ “Real-Time Billionaires”  ලැයිස්තුවේ ප්‍රථමස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙතෙක් කලක් ප්‍රථමස්ථානයේ සිටි ට්විටර් සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇති බවයි විදෙස් මාද්‍ය පෙන්වා දෙන්නේ. ෆෝබ්ස් සඟරාවට අනුව මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 183.6 ක්. එමෙන් ම, ආර්නෝල්ට්ගේ වත්කම ඩොලර් බිලියන 186.2 ලෙසයි සඳහන්වන්නේ. 2021 වසරේ නොවැම්බර් මාසයේ මස්ක් සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලයන 320ක් වන අතර ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 44කට ට්විටිටර් සමාගම ද මිල දී ගනු ලැබුවා. මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයට ඩොලර් බිලියන 135ක වත්කමක් හිම ඉන්දියානු බිලියනිපතියෙකු වන ගෞතම්…

තව කියවන්​න