Author: accioAdmin

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්චල්ක්  යන මහත්වරුන් අතර හමුවක් අද සිදුවුණා. අධිකරණ අමාත්‍යංශයේදියි පවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. එහිදී අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් විධිමත්ව නිදහස් කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙරට නීති පද්ධතිය ශක්තිමත් කිරීම සදහා පසුගිය මාස කිහිපය තුළ පනත් 17 ක් සම්මත කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ තවත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත…

තව කියවන්​න

මහියංගනය සමුපකාර සමිතියේ නිලවරණය වළක්වමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුනේ එළඹෙන ඉරිදා දිනයටයි. නිලවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ බදුල්ල පළාත්බද මහාධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා. ඊට අදාළ නඩුව ජනවාරි මස 11 වනදා කැඳවීමටද අධිකරණය නියෝග කළා.

තව කියවන්​න

හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරනයට ගෙනගොස් සිටි කොල්ලකරුවන් දෙදෙනෙක් අත් මාංචු සමග පළාගොස් තිබෙනවා. “චුට්ටියා” සහ “චූටියා” නැමැති කොල්ල කරුවන් දෙදෙනා මෙලෙස කැස්බෑව අධිකරණ භූමියේදී පළා ගොස් ඇති බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී ඔවුන්ට දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ත්‍රිරෝද රථයක…

තව කියවන්​න

ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාල ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥනීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා. දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ දිනට දී තිබු හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැ දැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර අනතුරුව මෙම සන්නස් පත්‍රය අත්සන්…

තව කියවන්​න

මහජනතාවට සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙකත් හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බවයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා…

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ කිහිපයක එකතුවෙන් නව සන්ධානයක් නුදුරේ දී ම බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආගමික වතාවත්වල නිරත වීම සඳහා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කලේ තමන්ට නින්දා අපහාස කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපති ධුරය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වී ඇති බවයි. ඓතිහාසික ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ද බැහැ දුටුවා.

තව කියවන්​න

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය ජනවාරි 25වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් මෙලෙස ජනවාරි මස 25 වනදා දක්වා මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබෙනවා. විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති වාර්තවනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිලිබඳ පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇති බව සඳහන්. පල්ලෙකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අනිද්දා දිනයේ නැවත ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා ඛනිජ තෙල් එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ආනයනික බොරතෙල් නොමැතිවීම හමුවේ එහි කටයුතු දින ගනනාවක් ක්‍රියාත්මක කෙරුනේ නැහැ. මර්බන් නැමැති ආනයනික බොරතෙල් මෙට්ට්‍රක් ටොන් 90,000 ක් රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇති අතර එයට අවශ්‍ය ගෙවීම් කටයුතු නිමා කර, මේ වන විටත් සපුගස්කන්ද පිරිපහදු ටැංකි සංකීර්ණය වෙත ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක් ආනයනය කිරීමටයි ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇත්තේ. තෙල්…

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයක ගොවීන්ට මෙවර මහ කන්නයට කිසිදු පොහොරක් ලැබී නොමැති බව වාර්තා වනවා. පොලොන්නරුව ඇලහැර – දියබෙදුම – ජඹුරේවෙල ප්‍රදේශයේ ගොවීන් 70කට වැඩි පිරිසක් කුඹුරු අක්කර දෙසියකට අධික ප්‍රමානයක් වගා කර ඇති අතර එම ගොවීන් මීට මාසයකට පමණ පෙර පොහොර ලබා ගැනීමට මුදල් ගෙවා අවසන් කලද පොහොර නොලැබීමෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි සඳහන් කරන්නේ. කුඹුරු අක්කර එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති තමනටද පොහොර නොලැබුණු බවයි අනුරාධපුර තිරප්පනේ ඌරාකොට ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගන්නේ. අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බාධා එල්ල වු පොහොර බෙදා බෙදාහැරීමේ කටයුතු අද නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කළ බව ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම…

තව කියවන්​න