Author: accioAdmin

රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා ඒ බව සඳහන් කළා. එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද සහභාගී කරවා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි. ගෝලීය ආර්ථික පසු බෑම සම්බන්ධයෙන් චීන බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම්වලින් පසු – අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් මුහුණ දෙන ප්‍රධාන ණය ගැටලු සමඟ කටයුතු කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් හිමිව ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා කියා සිටියේ.

තව කියවන්​න

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වර්තාව අලුත් වී තිබෙනවා. ඒ මෙවර බිග් බෑෂ් ලීග් තරඟාවලියේ පස්වන තරගය ලෙස ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම ලකුණු 15කට දැවී යාමත් සමගින්. පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට පන්දුවාර 5යි පන්දු 5 කදී තුළදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 15ක් පමණයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් ලබා තිබුනේ චෙක් ජනරජයේ කණ්ඩායම හමුවේ ලකුණු 21කට දැවී ගිය තුර්කි කණ්ඩායමයි.

තව කියවන්​න

වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සහ අණ පනත් වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි. ආහාර සුරක්ෂිතාව සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් පවරා ගනිමින් තරුණ ප්‍රජාව වෙත පවරා දීමට කටයුතු කෙරෙන බවද අමාත්‍යවරයා පවසනවා.

තව කියවන්​න

නියමිත පරිදි ගල් අඟුරු ඇනවුම් නොලැබෙන්නේ නම් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. ලක්විජය බලාගාරයට ගල් අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු බවත් මේ වන තෙක් පැමිණ ඇත්තේ නැව් 5 ක් පමණක් බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළා. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 45% ක ප්‍රමාණයක් සපයනු ලබනවා. ප්‍රමාණවත් ගල් අඟුරු නොමැති වුවහොත් ජූලි මාසයේ සැලසුම් කළ විදුලි කප්පාදුව මාර්තු අප්‍රේල් දක්වා ඉදිරියට පැමිණිය හැකි බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

විදේශ රැකියා සහ සංක්‍රමණ ක්ෂේත්‍රයේ ජාවාරම් නතර කිරීමට නම් වහා ඩිජිටල්කරණයට යොමු විය යුතු බව විදෙස් බලය සංවිධානය අවධාරණය කර සිටිනවා. අදාල සියලු කටයුතු ඩිජිටල්කරණයට ලක් නොවීම හමුවේ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයට මෙම ක්ෂේත්‍රෙය් කටයුතු මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවයි විදෙස් බලය අවධාරණය කරන්නේ. එහි කැදවුම්කරු ජනක බලල්ල මහතා ඒ පිලිබඳ පැහැදිලි කළේ මෙලෙසින්. සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ සීග්‍ර වර්ධනයක් පසුගිය කාලයේ දක්නට ලැබුනා. මෙම තත්වය ජාවාරම්කරුවන්ට පහසු වූ අතර ඒ හේතුවෙන් ශ්‍රමිකයින් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වුයේ. විදේශ රැකියා සහ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමට හැකියාව ලැබුණේ නම්…

තව කියවන්​න

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට අද උපදෙස් ලබා දුන්නා. සමාජයේ ගෞරවයට පාත්‍ර වන මහා සංඝරත්නය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එවන් කටයුතුවලට ඉඩ සලසා නොදෙන ලෙසද ජනාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. මෙම සිද්ධිය පිටුපස සිටින පාර්ශව, ඒවාට සම්බන්ධ පාර්ශව සහ අනුබල දෙන පාර්ශව පිළිබඳ සම්පුර්ණ විස්තර ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සහ භූ ගර්භ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත් විදුර…

තව කියවන්​න

පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ජනතාව අපහසුතාවට පත්ව නොසිටින අවස්ථාවක එම ඡන්දය පැවැත්විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුනා. සාගර කාරියවසම් මහතා සඳහන් කළේ පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ගමට වැඩ කර ඇති බැවින් ඡන්දයකදී ජනතාව ඉදිරියට යෑමට කිසිඳු අපහසුවක් නොමැති බවයි. කෙසේ වෙතත් ඡන්ය සූදානම් කර තිබියදී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිඟයක් පැවතිය හොත් ජනතාව ඒවා පිළිබඳ අවධානය යොමු කර තීන්දු ගැනීම වැලැක්විය නොහැකි බවත් -…

තව කියවන්​න

එළඹෙන මැතිවරණයේදී හැකිනම් තනිව තරංග කර ජය ගන්නැයි තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව සමගි ජන බලවෙගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මුදල් නොමැතිබව පවසමින් ආණ්ඩුව මැතිවරණය කල් දැමිමට උත්සහ දරන බවයි. නමුත් ඊට සැබෑ හේතුව මුදල් නොමැතිකමට වඩා අනිවාර්යයෙන් තමන්ට හිමිවන පරාජය පිලිබඳ දැනුවත්ව සිටීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තව කියවන්​න

කෘෂි ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්වය ට විසඳුම් ලබා ගැනීම සඳහා ජාතික කෘෂි කර්ම පුනර්ජීවන කමිටුව ස්ථාපනය කරන්නැයි ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කළේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡාවකට එක්වෙමින්. හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ කෘෂිකාර්ම අමාත්‍යංශයේ අකටයුතුකම් රැසක් සිදුවන බවයි. ගොවි නියෝජිතයන්ගෙන් ප්‍රායෝගික යෝජනා අපේක්ෂා කෙරෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ . සහල් ආනයනය අත්හිටුවීම හේතුවෙන් සහල් හිගයක් නිර්මාණය විය හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

තව කියවන්​න

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ගැටළුවක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. අධ්‍යාපන බල බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු කියා සිටියේ ප්‍රතිසංස්කරණ විධිමත් විය යුතු බවයි.

තව කියවන්​න