Author: accioAdmin

උතුරු පළාත හැර සෙසු පළාත් අතර ගවමස් ප්‍රවාහනයට යළි අවසර ලබාදී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. තවදුරටත් උතුරු පළාතේ ගවයින් සහ එළුවන් මිය යාම් සිද්ධි වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ . පසුගිය දිනවල පැවැති ශීත කාලගුණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් 1800කට ආසන්න පිරිසක් මිය ගියා. මේ වනවිට නැගෙනහිර පළාතේ එම තත්ත්වය පහව යමින් පවතීන බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ

තව කියවන්​න

පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , බස්නාහිර පළාතේ පාසල් 122 ක් ඉලක්ක කරගනිමින් ඊයේ දහවල් 12.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ කළ මෙහෙයුම් වලදී යි . බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි. මේ අතර පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා.පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බව සදහන් . මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා…

තව කියවන්​න

පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් තුන් ලක්ෂ 34,698 දෙනෙකු විභාගයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කලේ විභාගය සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බවයි මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවරට වෙනස් ආකාරයකින් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ . එහිදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් නියමිතයි. එමෙන්ම පීඩනයකින් තොරව දරුවන් විභාගයට යොමු කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තව කියවන්​න

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි. ඒ ත්‍රිවිධ හමුදා සේනාධිනායක – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. 2020 ජුලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කළ  නිශාන්ත උළුගේතැන්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු  සම්මාන ආචාර මුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත අද පිළිගනු ලැබුවා. 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස  නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වසර 37 කට…

තව කියවන්​න

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කරන මෙම වැඩසටහනේ පළමුවැන්න ලබන 23වනදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. පවතින ආර්ථික අර්බුධය තුල නව බදු හදුන්වා දීමත්, පැවතී බදු අනුපාත වෙනස් කිරීමත් නිසා බදු ගෙවන්නන් වඩා වැදගත් බවයි රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ. බදු ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා පිලිබඳ නිරන්තර සංවාදයක යෙදීමද රජයේ වගකීමක්. නව බදු හේතුවෙන් ඒ ඒ සමාජ පන්තීන් මුහුණ දෙන තත්ත්වය , අඩුපාඩු සොයා බලා වෙනස් කල යුත්තේ කුමක්ද යන්න පිලිබඳ නම්‍යශීලි වීමටත් රජය සුදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

තව කියවන්​න

ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමට සිදුවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. පිළිසකර කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැයවන බවත් ඒ සඳහා සංස්ථාව හෝ අමාත්‍යංශය සතුව අරමුදල් නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා. අක්‍රිය තත්වයේ පවතින අයිස් කර්මාන්ත ශාලාවේ නිරිෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ හැකි ඉක්මණින් කර්මාන්ත ශාලාව යථා තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවයි. මෙම කර්මාන්තශලාවේ ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුගෙන් සහ ඉන්ජිනේරුවන්ගෙන් වාර්තා ලබාගෙන තිබෙනවා.

තව කියවන්​න

බම්බලපිටිය ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටී තුනකට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා. බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවටයි පොලිසිය ට පැමිණිලි ලැබී ඇත්තේ. එම නිවසේ තිබූ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝල ගිනි අවියක්, පතොරම් 12ක්, මැග්නීසිනයක්, රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් 6,000ක් මෙන්ම රුපියල් මිලියන 10කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති දේපල අතර වනවා. නිවසේ හිමිකරු මෝටර් රථ ව්‍යාපාරිකයෙක් වන අතර සොරකම් සිදුවන අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ සේවිකාවන් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවයි පොලිසිය…

තව කියවන්​න

කාන්තා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට දැනට පදිංචි ස්ථානයෙන් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතීඥවරයා කළ ඉල්ලීමකට අනුවයි. ධනුෂ්ක ගුණතිලක ට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූ අයෙකුගේ නිවසේ මේ වන විට රැඳී සිටින බව අධිකරණය දැන්වූ නීතීඥවරයා – නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. නඩුව ජනවාරි 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

තව කියවන්​න

එක වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් අනිවාර්ය ස්ථානමාරු කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ ජනවාරි පළමුවනදා සිට එය ක්‍රියාත්මක බවයි. ඊට අදාළ උපදෙස් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා. ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කළද වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත්කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල සිටී නම් ඔවුන්ට ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඇති උපදෙස්වල සඳහන්.

තව කියවන්​න

යෝජිත බදු සංශෝධනවලට එරෙහිව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඊට වෛද්‍යවරු විසිදහසකගේ අත්සන් ලබා ගැනීමට  නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි.

තව කියවන්​න