- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
කොළඹ වරායේ ඉඩම් කැබලි කිහිපයක් ආයෝජකයකු සඳහා ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බවයි වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ. මින් එක් ඉඩම් කොටසක් ගුවන්යානා ඉන්ධන ගබඩා කිරීම සඳහා ලබා දෙන බවත් , මේ කටයුතු සඳහා දැනටමත් අභිලාෂ කැඳවා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා. රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. පසුගිය කාලයේ පැවති අරගල හේතුවෙන් කොළඹ වරයට පැමිණීමට තිබු නැව් දාහතක් හැරී ගිය බවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ.…
රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. නායකත්වයේ මුලධර්ම පිළිබඳවද මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රට අභ්‍යන්ත හා බාහිර බලපෑම් වලින් ආරක්ෂා කිරීම යුධ හමුදා නිලධාරින්ගේ වගකීම බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඊට අදාළ දැන්වීම් ප්‍රසිද්ධ පුවත්පත්වල පල කර ඇති බවයි. කොළඹදී අද පවතී මාධ්‍ය හාමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට තම පක්ෂය සුදානම් බවයි. නමුත් ඇතැම් පිරිස් පළාත් පලාන මැතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇති. පාන්පිටි මිල පහල යෑම හේතුවෙන් එම වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙලෙස පාන් රාත්තලක මිල සංශෝදනය කරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසුවේ. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එන්. කේ ජයවර්ධන මහතා කියසිටියා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරේ තරග අද ආරම්භ කෙරෙනවා. තරගාවලියේ අවසන් වටයේ තරග මෙන්ම අවසන් මහා තරගය ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. LPL තරගාවලියේ හම්බන්තොට අදියර පසුගියදා 6 වනදා ආරම්භ කෙරුණු අතර මහනුවර අදියර අවසන් කෙරුනේ පසුගිය බදාදා දිනයෙන්. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මෙතෙක් පැවැති තරග 6කදී තරග 5ක් ජයගත් වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් පිල අවසන් වටයට කලින්ම පිවිසීමේ අවස්ථාව හිමිකර ගනු ලැබුවා. ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ජැෆ්නා කිංග්ස් තරග 6කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට ඇති අතර, ඒ අනුව ඔවුන්ද මේ වන විටත් අවසන් වටය සඳහා සුඳුසුකම් ලබා…
ජෝර්දානයේ ටික් ටොක් සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධව ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරියෙකු මිය යාමත් සමග මෙම තීරණයට එළැඹ තිබේන බවයි විදෙස් වාර්තා පවසන්නේ. එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ, විරෝධතාකරුවන් මෙම ටික් ටොක් යෙදවුම ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා අවභාවිත කරන බවයි. ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධය පළ කරමින් ට්‍රක් රථ රියැදුරන් විරෝධතා පැවැත් වූ අතර,ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කලා .
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි. බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනය ද මේ වනවිට පොලිසිය භාරයට ගෙන තිබේනවා. ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ නියෝගයක් ද නිකුත් කලා . මේ සමබන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අදහස් පල කළා .
සමාජ සංරක්ෂණ ආවරණය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ සමබන්ධයෙන් ඇතැම් අය වැරදි ප්‍රචාරය ගෙන් යන බවද ඔහු සදහන් කළා . කොළඹ පවතී වැඩසටහනකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා .
රුධිරය කැටිගැසීම අඩු කිරීමට ගන්නා ඇස්ප්‍රින් ඖෂධය මාස 04ක පමණ කාලයක් තිස්සේ මෙරට නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ එම ඖෂධ නොමැති වීම නිසා එම රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බවයි. රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටද ඔහු ප්‍රකාශ කළා .
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි සදහන් . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහ මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේනවා . මේ අතර ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,උත්තර සභාගය හා නිදහස ජනතා සභාව එක්ව නව සන්ධානයක් යටතේ මැතිවරණයට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222