Author: accioAdmin

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපති ලෙස පත් පත්කර තිබෙනවා. ඒ, 24 වන නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද විශ්‍රාම යෑමත් සමගයි. නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරී වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත අද භාර දී තිබෙනවා.

තව කියවන්​න

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ දී මෝටර් රථයක් වැල්ලමඩම මුහුදට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් මෙලෙස අද දහවල් මුහුදට පෙරලි ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. අනතුරින් තුවාල ලැබූ විශ්ව විද්‍යාල ආචාර්යවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. දෙවිනුවර දෙස සිට මාතරට එන අතරතුරදී මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී ඇති අතර ඒ අවට සිටි පිරිස එක්ව රියදුරු අසුනේ සිටි ඔහු බේරා ගෙන ගොඩට ඇති බව සඳහන්. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ආචාර්යවරයයෙක් .

තව කියවන්​න

පහරකෑමකට ලක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවෙකු රෝහල් ගතකර තිබෙනවා. සිව්වන වසරේ සිසුවෙකු බීමතින් කළ පහර දීමක් හේතුවෙන් අදාළ සිසුවා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. තමන් නේවාසිකාගාරයේ සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු පැමිණි තර්ජනය කළ බවත් ඒ අතර සිටි එක් අයෙකු තමාට අතින් පයින් පහර දුන් බවත් තවත් සිසුවෙකු ඊට සහය ලබා දුන් බවත් පහර කෑමට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා ප්‍රකාශ ලබා දී තිබෙනවා. මෙම පහර දීම විශ්වවිද්‍යාලයේ අයිවර් ජෙනිග්ස් නේවාසිකාගාරය තුළදී සිදුව ඇති බව සඳහන්. පහර කෑමට ලක්වූ සිසුවා කලා පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහු නොර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

තව කියවන්​න

ආබාධිත පුද්ගලයින් භාවිතා කරන සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් , මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙසයි. බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක කාණ්ඩ අංක ඇතුළත් ලේඛනයක්ද එම ලිපිය සමඟ යොමු කර ඇති බව සඳහන්. ආබාධිතයන් පාවිච්චි කරන සහයක උපකරණවල මිල ගණන් නව බදු සංශෝධන හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රටට මුලින්ම තොරතුරු අනාවරණය කළේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතායි. සහයක උපකරණවලට…

තව කියවන්​න

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ දැනටමත් බොරතෙල් නැව් 8ක් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. එමෙන්ම තවත් බොරතෙල් නැව් 6ක් ආනයනය කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද සඳහන්. සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් ලබන 2023 වසරේ දී විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය නැප්තා ප්‍රමාණවත් තරම් ලැබෙන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

ඇමරිකාවේ – නිව්යෝක් ප්‍රාන්තයේ කංසා නීත්‍යානුකූලව විකිණීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබෙනවා. එම ප්‍රාන්තයේ කංසා නීතිගත කර වසරක කාලසීමාවකට පසුවයි මෙලෙස බලපත්‍ර ලබාදී ඇත්තේ . ඒ අනුව බලපත්‍ර 150 ක් පමණ නිකුත් කර ඇති බව සඳහන්. මෙම නීතිගත කිරීම් මගින් ලබන වසරේ මුල් භාගයේ කංසා අලෙවියෙන් ඩොලර් බිලියන 1.3 ක් අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

තව කියවන්​න

රුසියාව විසින් ඊයේ දිනයේ තම රටට මිසයිල ප්‍රහාර 76කින් දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසනවා. එම ප්‍රහාර හමුවේ බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර විදුලි සැපයුම් ය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ. බොහෝ කලාපවල උෂ්ණත්වය සෘණ අගයක් ගෙන ඇති අතර රුසියාව යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කර සිටියා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උෂ්ණත්වය පහත වැටී ඇති අවස්ථාවේ අත්‍යවශ්‍ය පහසුකම් ඉලක්ක කර ගනිමින් ශීත කාලය ආයුධයක් ලෙස භාවිතා කිරීමට මොස්කව් පාලනය දරුණු වී ඇති බවයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ…

තව කියවන්​න

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා. මින් පෙර රුපියල් 50ක උපරීම සිල්ලර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකට යි .උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයන් පවසනවා . මේ අතර උත්සව සමයේදී බිත්තරයක් රුපියල් 55 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කරන ලෙස කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සිල්ලර වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටිනවා. රුපියල් 55 ඉක්මවා අධික මිලකට බිත්තර අලෙවි කර පාරිභෝගික ජනතාව අපහසුතාවට ලක් නොකළ යුතු බවයි සමස්ත ලංකා කුකුල්…

තව කියවන්​න

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු රට හැර ගොස් ඇතැයි වර්තවනවා. වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදෙන හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බවයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව සඳහන්. කෙසේ වෙතත් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ මෙය රටේ සෑම ක්ෂේත්‍රයකටම පොදු වූ ප්‍රශ්නයක් බවයි. ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. මේ අතර ගුවන් නියමුවන් රැසක්ද…

තව කියවන්​න

වත්මන් රජය මෙරට සිසු පරපුර ත්‍රස්තවාදීන් ලෙස සලකා කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රජය කලයුත්තේ සිසු පරපුර රට ගොඩනැගීමේ ගමනේ නායකයින් බවට පත් කිරීම බවයි. එසේ තිබියදී රජය මත්ද්‍රව්‍ය සොයා සිසුන්ගේ බැග් පරික්ෂ කරන බවටද ත්‍රස්තවාදී පනත යොදාගනිමින් සිසුන් මර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවටද විපක්ෂනායකවරයා චෝදනා කරනවා.

තව කියවන්​න