- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
අනුරාධපුර – වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට වස තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම මාර්ගය මාස 5ක කාලයක් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ජනවාරි 5වනදා සිට ගතවන මාස පහක කාලය තුල කොළඹ කොටුව සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කන්කසන්තුරය – මුරුක්කණ්ඩි දක්වා ධාවනය කරන ‘යාල්රාණි’ දුම්රිය එම මාස පහක කාලය තුළ වව්නියාව දක්වා ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා. 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාර දිය යුතු වනවා. ඒ අනුව එම අයදුම්පත් විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත බාර දෙනු ඇති. ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000ක් නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක…
ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.. එම මණ්ඩලය ප්‍රකාශ කළේ, මාසික ජල බිල්පත් නොගෙවීම 40%කින් ඉහළ ගොස් ඇති බවයි. දින 60ට වඩා වැඩි කාලයක් බිල්පත් නොගෙවූ සියලු ජල පාරිභෝගිකයින්ට නිවේදන නිකුත් කර තිබේනවා .
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 370ක් ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි වාර්තවනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇති බවයි. මේ අතර රටට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 14න් හතක් වසරක කාලයක් සඳහා ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන රජය කැමැත්ත පල කර තිබෙනවා. චීන රජයේ එම ප්‍රදානය ඉතා සතුටින් බාර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඖෂධ සම්බන්ධයෙන් යම් යම් අපහසුතා ඇති බව පිළිගන්නා බවද ඖෂධ ප්‍රශ්නය පාලනය කරගත හැකි මට්ටමක පවතින බවද ඒ මහතා කියා සිටියා. ඖෂධ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වසන් නොකරන බවත් සියලු තොරතුරු පාර්ලිමේන්තුවටද දැනුම් දී ඇති බවත්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක වැසි ඇති වන බවයි . මෙහිදී නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් , පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා . සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරනවා . ඒ අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා මෙලෙස විදේශ රැකියා සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර මෙය බවයි ඔහු සදහන් කලේ . අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් . මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා…
ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් මෙරට දේශපාලන නායකයින් වගකිවයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ මහතා සඳහන කරන්නේ ආර්ථිකය ගොඩනැගිය යුතු බව සිතන, රටට ආදරය කරන පුද්ගලන් සිටින්නේ සියයට 15ක පමන සුළු කොටසක් බවයි. නමුත් බහුතරයකගේ ක්‍රියාකලාපය හේතුවෙන් රටට ආදරය කරන සුළු කොටසටද නිසියාකාරයෙන් ක්‍රියා කල නොහැකි බවයි ගම්පග දිස්ත්‍රික් ආසන බල මණ්ඩල සමුළුවට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
මැතිවරණය කල් දැමිණ සඳහා වත්මන් රජය උපරිම ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ජී .එල් පිරිස් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ සිය ජයග්‍රහණය පිලිබඳ තමන්ට තහවුරුනම් මැතිවරණය පැවැත්වීමට මෙතරම් බිය විය යුතු නැති බවයි. ගැටඹේ විහාරය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
දිවයින පුරා මධ්‍යස්ථාන 2894දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව අවසන් වුණා. විභාගය පැවැත්වීමේදී පෙර මෙන් ගැටළු සහගත තත්ත්වයන් මතුනොවූ බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ. සිසුන් 3,34,698 ක් මෙවර විභාගය සඳහා පෙනී සිට තිබෙනවා. මේ අතර විභාග ප්‍රතිඵල මාස එකහමාරත් දෙකක් අතර කාලයක් තුළ ලබදීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස්වරයා සාන්දහන් කළේ. උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි 23 වැනි දින ආරම්භ කරන අතර සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.
නත්තල් උත්සවය නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන සහ නත්තල් කලාප නතර කරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙසයි උන්වහන්සේ මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රට අද පත්වී තිබෙන තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මුදලක් මෙසේ වියදම් කිරීම සුබවාදී නොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එසේ වැය කරන මුදල් පාසල් දරු දැරියන්ගේ පොත්පත්, පාසල් උපකරණ, සපත්තු සහ බෑග් වෙනුවෙන් ලබාදී සැබෑ නත්තල සැමරීම සඳහා කටයුතු කරන්නැයි කාදිනල් හිමියන් ඉල්ලා සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222