Author: accioAdmin

නෙළුම් කුලුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ දින සිට එළඹෙන 28 වනදා දක්වා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නෙළුම් කුලුණ ආශ්‍රිතව විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. එබැවින් ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල (මුදල් ගෙවීම සිදුකළ යුතුය), කැප්ටන් ගාර්ඩ්න් කෝවිල් රථගාල, ඩී ආර් විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන යොදාගත හැකියි. එසේම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව ඊයේ සිට දෙසැම්බර් 31 දක්වා පැවැත්වෙන වැඩසටහන්වලට අදාළව MOD රථගාල, ගාලුමුවදොර ගාලු මැද පාරේ රථවාහන නැවතුම් ස්ථානය…

තව කියවන්​න

නාඳුනන පිරිසක් විසින් එප්පාවල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පැහැර ගෙන ගොස් ඇතැයි වාර්තාවනවා. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති පිරිමි දරුවෙක් බවයු එප්පාවල පොලිසිය සඳහන් කරන්නේ. පැහැරගැනීමට ලක් වූ දරුවා කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් . මෙම සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතා දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායම කටාර් දේශයේ සිට යළි සිය රට බලා අද පැමිණියා. ඒ අනුව ලෝක ශූරයින් පිළිගැනීමට දහස් සංඛ්‍යාත වු එරට වැසියන් ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර සිට මග බලා සිටින්නේ මෙලෙසින්. ඒ අතරවාරයේදී පාපන්දු ලෝක ශූරයින් වෙනුවෙන් හෙට ජාතික නිවාඩු දිනයෙක් ලෙස ප්‍රකාශයට පත් කරන්නටත් එරට රජය විසින් තීරණය කර තිබෙනවා. මේ අතර ලෝක අනුශූරයින් වු ප්‍රංශ කණ්ඩායමත් යළි සිය රටට පැමිණියා. එහිදි ඔවුන්ට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ ”හිස්” කෑම පෙට්ටි පමණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවයි ඔහු සඳහන් කලේ. විපක්ෂනායක වරයා විසින් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා

තව කියවන්​න

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 ක් වන අතර ශ්‍රී ලංකාව හත් වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව පසුගිය දර්ශකයේ සියයට 86 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හයවන ස්ථානය හිමිව තිබූ අතර මෙවර ස්ථානයක් පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බව සදහන් . ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී තිබෙනවා. මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර…

තව කියවන්​න

දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා . එහි සභාපති නිහාල් වීරරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන් මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බවයි . එම මාධ්‍ය හමුවට එක්වූ විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුවන බවටයි .

තව කියවන්​න

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට අද කොළඹ අලුත්කඩේ’ අංක 4 සහ 6 යන මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කලා. මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කර තිබූ නඩු දෙකකට අදාළවයි ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළේ . මාලිගාවත්ත පොලිසිය මගින් ගොනුකර තිබූ නඩුවට අදාළව රුපියල් විසිපන්ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපය නියම කෙරුණි. කොළඹ අපරාධ කොට්ටාසය ගොනු කර තිබූ නඩුවට අදාළව රුපියල් ලක්ෂ පනහක ශරීර ඇපයක් නියම වුනා . එයට අමතරව අධිකරණය විසින් සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පැනවනු ලැබුවා .

තව කියවන්​න

ප්‍රංශයේ පැරිස් හි අධිකරණයක් මගින් ඇපල් සමාගමට දඩ නියමකර තිබෙනවා. ඒ ඇපල් සමාගමේ App Storeහි සේවා ලබාගැනීම සඳහා ප්‍රංශ ඇප් නිර්මාණකරුවන්ට දැඩි වාණිජ වගන්ති පනවා ඇති බවට පැරිස් වාණිජ අධිකරණය මගින් තීන්දු කිරීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ඇපල් සමාගමට යූරෝ මිලියනයක දඩ මුදලක් නියම කර තිබෙනවා. යුරෝපීය සංගමය මගින් යෝජනා කර ඇති ඩිජිටල් වෙළෙඳපොළ පනත මගින් එම වගන්ති වෙනස් කළ යුතු බව දක්වා ඇති බැවින් ඇපල් සමාගම එසේ වගන්ති වෙනස් කිරීම සුදුසු නොවන බව එම අධිකරණය නියෝග කර ඇත්තේ.

තව කියවන්​න

මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 30වනදා දක්වා වූ කාලය තුල දිවයින පුරා වැටලීම් 31,342ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ‍එම වැටලීම්වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 31,342ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4,559 දෙනෙකු කාන්තාවන් බව සඳහන්. එසේම මෙම වැටලීම් වලදී සිය භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවන බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 118ක් දඩ මුදල් ලෙස පනවා තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට එම පැමිණිල්ල භාර දී ඇති බව සඳහන්. අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි ඔෂල හේරත් මහතා පවසන්නේ. එබැවින් ඇයට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එම නිසා මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර ඔෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

තව කියවන්​න