Author: accioAdmin

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් සිදුවන්නේ වන්නේ රට තව තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ 2022 වසර ලංකා ඉතිහාසයේ ඉතාම නරකම වසරක් ලෙස කළු පැල්ලමක් සමග ඉතිහාසයට එකතු වී ඇති බවයි. නමුත් 2023 රටටත් ජනතාවටත් ඉතා වැදගත් වර්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ දක්වා තිබෙන බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

තව කියවන්​න

නැගෙනහිර චීනයේ ජියැංග්ෂි ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති වාර්තවනවා. අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ මාර්ගය අපහැදිලි වීම නිසා මෙම රිය අනතුර සිදුවන්නට ඇති බවටයි සක මතුව ඇත්තේ.

තව කියවන්​න

කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති.

තව කියවන්​න

ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආණ්ඩුව අතපසු කොට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවසනවා. ආණ්ඩුවේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් සඳහන් කරන්නේ. ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දුන්නද ඒවා නිවැරදි කර ගැනීමට අදාළ පිරිස් කටයුතු නොකරන බවයි ඒ මහතා පවසන්නේ

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා.අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා. පෙර පොරොන්දු වූ පරිදි ජනවාරි මාසයේ මුල් සතිය වන විට තමන්ට ගුරු පත්වීම් නො ලැබුණු බව පවසමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණය ආරම්බ කර තිබුනේ. කෙසේ වෙතත් උද්ඝෝෂණය අතරතුර ඔවුන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ව හමු වී සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට පහර දීමේ සිද්ධිය සම්බන්දසිසුන් යලි රක්ෂිත ය ට සැකකාර සිසුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කලේ ඔවුන් ලබන 18වනදා දැක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසු පිරිස අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ද සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති චමෝත් සත්සර සිසුවාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුනා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදීයි. එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවයි. ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම සිදුවූ අතර එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුයේ නැහැ. කෙසේ වෙතත් මෙහිදී මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සහ තවත් විධායක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බව වාර්තාවනවා. වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබුනා.

තව කියවන්​න

2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින පැවැත්වීමට නියමිත බව සඳහන්. එම රැස්වීමේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා උදේ 9:30 සිට උදේ 10:30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇති . රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද හෙට දින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවද හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.…

තව කියවන්​න

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කර තිබෙනවා. මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉවත් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ. බලශක්ති සහ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය විදුලිබල ජනනය ඉහළ නැවීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එම ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනාට පසුගිය ජුලි 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. ඔවුන් හෙට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.ි

තව කියවන්​න