Author: accioAdmin

දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා මේ පිළබඳ තහවුරු කර කළා. තෛපොංගල් උත්සවය අදට (15) යෙදී ඇති බැවින් හෙට දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තව කියවන්​න

නාගොඩ ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තාවනවා.. අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් කරන ලද පාමිනිල්ලකට අනුව කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරයා පැමිණි බව කියන මෝටර් රථය ඊයේ (14) රාත්‍රියේ කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබි හමුව ඇති බවයි පොලිසිය පාවසන්නේ.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

සන්නද්ධ කල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග තියුණු ආයුධ තොගයක්ද පොලිස් භාරයට ගත බවයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ. පොලිස් භාරයට ගත ආයුධ අතර කඩු දෙකක්, මන්න පිහි හතරක් , කිනිසි දෙකක් ,යකඩ පොලු හයක් හා හොකී පිති තුනක් තිබී ඇති බව සඳහන්. බොරැල්ල කිතුල්වත්ත සහ නාරහෙන්පිට මැනිං ටවුන් යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වල දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට වසර දෙකකට පමණ ඉහතදී තරුණියක් මුල් කරගෙන එම ප්‍රදේශ දෙකේ දෙපිරිසක් අතර ගැටුම් පැවති අතර මෑතක දී මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගෙන ගැටුම් සිදුවී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබුනා. අත්අඩංගුවට…

තව කියවන්​න

කැනඩා රාජ්‍ය විසින්  මෙරටට ඩොලර් මිලියන 3 ක ආධාර ලබා දී තිබෙනවා. ඒ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි අවදානමකට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමටයි . අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ,එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අයි.එෆ්.ආර්. සී සංවිධානය එක්ව සිදුකරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස මෙම ආධාර ලබා දීමට කටයුතු කල බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා . ඒ යටතේ මෙරට වැඩි අවදානමකට ලක්ව සිටින ප්‍රජාවන්ට ආහාර, සෞඛ්‍ය, පෝෂණ සේවා සහ පානීය ජල අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ

තව කියවන්​න

රාජ්‍ය ආයතන භාවිත කරන රථවාහන පිලිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසනවා . එම විමර්ශනය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහය අපේක්ෂා කරන බවයි විගනකාධිපති ඩබ්ලිවු. පි.සි වික්‍රමරත්න මහතා සඳහන් කලේ. ලේකන ගත කර ඇති පරිදි අදාළ වාහන රාජ්‍ය ආයතන සතුව තිබේද ,එම වාහන කාර්යක්ෂමව භාවිතා කර තිබේද යන්න සොයා බැලීම මෙහි අරමුණ වී තිබෙනවා. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන වෙන  වෙනම විමර්ශනය කරන බවයි විගනකාධිපතිවරයා පවසන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයමක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනකුගෙන් සමන්විතයි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වීමට නියමිතයි. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති.

තව කියවන්​න

ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇති බවයි වාර්තාවන්නේ. එම චන්ද්‍රිකාව කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කිලෝ ග්‍රෑම් 2,450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට පැමිණෙද්දී ගිනි ගෙන දැවී කැබැලි වනු ඇතැයි ද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. මෙලෙස කඩා වැටෙන්නේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි.

තව කියවන්​න

තම පක්ෂය සමගි ජනබලවේගය සමග සන්ධාන ගත වි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානය පවසනවා. හැටන්  නගරයේ අද පවතී උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  එම පක්ෂයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ මැතිවරණයක් පැවැත්විමට මැතිවරණ කොමිසම සුදානම් වුවත් , රජය ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන බවයි.

තව කියවන්​න

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් සිදුවන්නේ වන්නේ රට තව තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ 2022 වසර ලංකා ඉතිහාසයේ ඉතාම නරකම වසරක් ලෙස කළු පැල්ලමක් සමග ඉතිහාසයට එකතු වී ඇති බවයි. නමුත් 2023 රටටත් ජනතාවටත් ඉතා වැදගත් වර්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ දක්වා තිබෙන බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

තව කියවන්​න