- පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
- ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
- බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
Author: accioAdmin
වත්මන් ශ්‍රී ලංකාව යනු මහජනතාව අපේක්ෂා කරන ආකාරයේ රටක් නොව දේශපාලන නායකයින් අපේක්ෂා කරන ආකාරයේ රටක් බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසන්නේ යම් ස්ථානයක් පොදු ජනතාවට කොතරම් හිතකරද යන්න අනුව එය රටක් බවට පත්වන බවයි.
ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසන්නේ අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි . ඒ අනුව ලොකු `ඵණු කිලෝවක් රුපියල් 180කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 216ක් දක්වාත්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 370 දක්වාත් මිල අඩු කර තිබෙනවා. ඊට අමතරව හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 දක්වාත්, පාන්පිටි කිලෝව රුපියල් 235 දක්වාත් පහත දමා ඇති බවයි සභාපතිවරයා පවසන්නේ. මීට අමතරව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1730 දක්වා පහත දමා තිබෙනවා. තවද දේශීය සහල් සහ ආනයනික සහල් වර්ග කිහිපයක මිලද පහත දමා ඇති බවයි සභාපතිවරයා…
පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කලද කෝටි 10ක් මුදලක් ගෙවීමට තමාට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සදහන් කලේ එම මුදල ගෙවීමට තරම් ආර්ථික තත්වයක් තමාට නොමැති බවයි. අද පැවති වැඩසටහනකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළා .
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පක්ෂ 18ක් පළාත් පාලන ආයතන 210 ක් සදහා ඊයේ පස්වරුව වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් 13 ක්ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. අද දිනයේත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. මේ අතර ආර්ථික වශයෙන් අර්බුධයක් ඇතිවී තිබෙන මෙම අවස්තාවේ රට තුල මැතිවරණයක් පැවැත් වුවහොත් ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බව බුද්ධ ශාසන , ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා . පවත්නා තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයක් අනවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කලේ. තලවකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු කොවිලේ පැවති ජාතික තෛපොංගල්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියට මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිද්ධියට අදාළව පොලිස් භාරයට ගනු ලැබූ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙන බව සදහන් . සිදුකළ විමර්ශනවලට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා . මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ නිල නිවසේ තිබී සොයාගත් ගංජා පැළ ඇතිමලේ ස්ථානාධිපතිවරයා සිය නිල රථයෙන් රැගෙන ගොස් ඇති බවට අනාවරණය කරගැනීමෙන් පසුවයි මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ .
යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත වුනා. විරෝධතාවයට එක්වූවන් පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට විරෝධතාවය පළ කරමින් තමන් විරෝධතාවයේ නිරතවු බවයි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට විරෝධතාකරුවන් ඉල්ලීම් කලා . යාපනය අරසඩි මංසන්ධිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබා නොදීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද ඇති වුනා . තත්ත්වය පාලනය කිරීමට ජල ප්‍රහාර එල්ල කිරීමද පොලිසිය කටයුතු කළා .
ඉන්දියානු නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. දිල්ලි නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා. මෙම නෞකාව දිගින් මීටර් 163.2 ක් වන අතර එහි අණදෙන නිලධාරි ලෙස කපිතාන් ෂිරාස් හුසේන් අසාද් කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ. අයි.එන්.එස්. දිල්ලි නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් ලබන 16වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුත්සාෆා මහතා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්වී තිබෙනවා.. නිදහස් පක්ෂයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාව අතරතුරදී ෆයිසර් මුස්තාෆා මහතා විසින් සිය ඉවත්වීමේ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී උතුරු, නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 09 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් තරඟ වැඳීමට තීරණය තිබෙනවා. එක්සත් නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලමහතා සඳහන් කර ඇත්තේ අනෙක් දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් හෙට පස්වරුවේ රැස්වී තීරණයක් ගැනීමට නියමිත බවයි.
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී අදට වසරක් ගතවී තිබෙනවා. නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධය පා පියතුමන්ලා සහ එම මීසම්වාසීහු එම දේවස්ථානය ඉදිරිපිටදී අද (15) උදෑසන නිහඬ විරෝධතාවයක නිරතවුනා. ඉරුදින උදෑසන දේව මෙහෙයෙන් පසු මෙම නිහඬ විරෝධතාව පැවැත්වුනා.
ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් අද මෙරටට ලගා වී තිබෙනවා. ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000 ක් රැගත් අධාල නෞකාව අද උදෑසන 08,23 ට පමණ මෙරටට ළඟ වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. ගල් අඟුරු රැගත් 09 වන නෞකාව එළඹෙන 18 වනදාත්, 10 වන නෞකාව ලබන 19 වනදාත් මෙරටට ලගාවීමට නියමිතයි. ඉකුත් දෙසැම්බර් මස සිට මේ දක්වා මෙරටට පැමිණි ගල් අඟුරු නෞකා සංඛ්‍යාව 08 ක්. මෙම වසරේ ගතවූ කාලය තුළ ගල් අගුරු රැගත් නෞකා 04 ක් දිවයිනට ලගා වී තිබෙනවා. කෙසේවෙතත් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙම වසරේ ජනවාරි මාසය තුළ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222