Author: accioAdmin
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය පසු පුරප්පාඩු වන පොලිස්පති ධුරය සදහා ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් අතරින් තමන්ට හිතවත් නිලධාරියා පත් කර ගැනීම සදහා ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතර තරගකාරි ස්වරූපයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. මෙම ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් පිරිස මේ පිළිබඳව තනි තනිව ගොස් ජනාධිපතිවරයා හමු වී කරුණු දක්වා ඇති බවද සදහන්. පොලිස්පතිවරයා විශ්‍රාම යෑමෙන් අනතුරුව පොලිස්පති ධූරය සදහා මෙම තරගය ඇති වී ඇත්තේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අතරයි. වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිතයි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබියදී ඊට සහය ලබානොදී එය අඩපන කිරීමට පියවර ගත් රාජ්‍ය ආයතන බලධාරීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනුයි අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 09 වනදාට දින නියම කර තිබූ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සහය ලබානොදී එය අඩපණ කිරීමට පියවර ගත් මුද්‍රණාලයාධිපතිවරිය, මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති ඇතුළු රාජ්‍ය ආයතන බලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ, ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 95ක අගයක පවතින බවයි. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130ක් ලෙසයි. මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබෙනවා. පසුගිය සතිය තුළ රුපියල් 150කට පමණ අලෙවි වූ අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 දක්වා පහත වැටී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ. එසේම, සුදු සීනි කිලෝවක තොග මිල තවදුරටත් රුපියල් 220ක මට්ටමේ පවතිනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අග්‍රාමාත්‍ය ලී කිකී යෑං ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, මේ සඳහා අනෙකුත් පාර්ශව වල සහභාගීත්වය අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව පමණක් නොව ආර්ථික අර්බුද වලට ලක්ව ඇති අනෙකුත් රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට චීනයේ සහය අපේක්ෂා කරන බව මෙහි දී මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂකවරිය අගමැතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ඇතු`ඵ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසම හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සිය`ඵම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් සහ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය අගහරුවාදා දින පැවැත් වූ බවයි. සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී නිසි පරිදි මුදල් නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කොමිසම දැනුවත් කර තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කල් යාම හේතුවෙන් මේ වන විට ගැට`ඵ රැසක්…
ග්‍රීසියේ සිදු වූ දුම්රිය අනතුරෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් 43 දෙනෙකු මිය ගියා. මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ මෙම අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති පත් කිරීමේ ජන්ද විමසීම එළැඹෙන 10 වැනිදා පැවැත්වීමට නියමිතයි. 2023 වර්ෂය වෙනුවෙන් වන අයවැය සිව්වැනි වතාවටත් 28 වැනිදා පරාජයට පත්වීම හේතුවෙන් උතුරු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා මේ පිලිබඳ නිවේදනය කර තිබෙනවා. යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කල එම්.ආර්නෝල්ඩ් මහතා 28 වැනිදා සභාවට දෙවැනි වතාවට ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පක්ෂව හිමිවුයේ ජන්ද 16 ක් පමණයි. ඊට විපක්ෂව ජන්ද 22 ක් හිමි වුනා. මේ හේතුවෙන් ආර්නෝල්ඩ් මහතාට සිය ධූරය අහිමි වී තිබෙනවා. යාපනය මහ නගර සභවේ 2023 වර්ෂයේ අයවැය 2022 දෙසැම්බර් මාසයේදී මහ නගරසභාවේ හිටපු නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි මනිවන්නන්…
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධානය කරන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායිකාව ලෙස හමර්න්ප්‍රිට් කොවුර් පත් කර තිබෙනවා. මුම්බායි කණ්ඩායම විසින් ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී ඇයව ඉන්දීය රුපියල් කෝටි 1.8කට මිලදී ගනු ලැබුවා. කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 4 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයින් පිරිස ඊයේ විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරටට පැමිණියා. එලෙස සංචාරකයින් 117 දෙනෙකු පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ. මෙම සංචාරක පිරිස චීනයේ ගුවැන්ෂෝ සිට පැමිණි අතර ඔවුන් දින 7 ක් මෙරට තුළ රැදී සිටිනවා. චීන සංචාරකයින් පිරිස පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චංග් හොංග් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට සහ බදු බර වැඩි වීමට එරෙහිව ලබන 23වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් විද්‍යා හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කළු සතියට සමගාමිව හෙට දිනයේ දී ඒකාබද්ධ විරෝධතාවක් ආරම්භ කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222