Author: accioAdmin
ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩි වනු ඇති බවට සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන ප්‍රමාණය ලබා දීම ඉක්මවා ගිය විට ඇති වන මාර්ග තදබදය හේතුවෙන් රටට තවත් බිලියන 2 කට අධික මුදලක් අහිමි වන බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ. මේ අතර ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි බැංකු හා සංගම් කාර්යාල නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එම සංගමයේ මහලේකම් බී.එම්. බස්නායක මහතා කියා සිටියේ අදාළ ආයතනයේ සංයුතිය සම්බන්ධයෙන් සහ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම පදනම් කර ගනිමින් බොහෝ අවස්ථාවල වගතිව යුතු ස්ථාන සදහා ලිපි මාර්ගයෙන් ප්‍රශ්නය යොමු කළ ද මේ වන තෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවයි. ඒ අනුව හෙට දිනයේදීත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවටයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදු කරනු ලබන්නේ සියයට 25 ක පමණ ප්‍රමාණයක් වන බවටයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ. ගෑස් මිල අඩු කිරීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින 2 තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණ ගන්නා බවද ඔහු කියා සිටියා. මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට බත් පැකට්ටුවක මිල සහ කොත්තු රොටියක මිල ඇතු`ඵ තවත් ආහාර කිහිපයක මිල ගණන් සියයට 20 කින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ගෑස් මිල අඩු කිරීම හේතුවෙන්…
සුරාබදු වෘත්තිය සමිති එකමුතුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් හෙට සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු වෘත්තිය සමිති මීට පෙර දැනුම් දී තිබුණා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද පැවති සාකච්ඡාවකින් පසුවයි ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ. දීමනා සම්බන්ධ ගැටළුවට මාසයක් තුළ විසදුම් ලබා දෙන බවට මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. විදෙස් පුවතක් දැන් යුක්රේන ජනාධිපති වොලඩිමයර් සෙලෙස්කි සංචාරයක් සදහා පෝලන්තයට පැමිණ තිබෙනවා.
අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 ක් අතරින් 39 ක් ලාභ ලබන අතර 13 ක් පාඩු ලබන බවයි.
නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ශ්‍රී පාද උඩ මළුවට අවශ්‍ය පුජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර පිරිනමා තිබෙනවා. සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයේදී එය සිදුකෙරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ. එහිදී එම කම්කරුවන්ගේ පාසල් වියේ පසුවන දරු දැරියන්ට අවශ්‍ය නිල ඇදුම් රෙදි සහ පාසල් උපකරණද බෙදාදී තිබෙනවා. නල්ලතන්නිය ප්‍රදේශයේ අවට පිහිටි වතු කෝවිල් වෙත සහල් මළු පිරිනැමිමක්ද එහිදී සිදුවූ බව සඳහන්.
රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම සඳහා කාන්තාවන්ට පනවා තිබු තහනම ඇෆ්ගනිස්ථානය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. තලේබාන් පාලනය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ දක්වා දැනුම් දීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත්, ජගත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් කාබුල් නුවරදී තලෙයිබාන් සංවිධානය සමග මේ පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම පසුගිය වසරේ දී තහනම් කෙරුණා. මේ හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඇෆ්ගනිස්ථානය තුළ කටයුතු කිරීමෙන් ඉවත් වුණා.
කිරි පානය කිරීමෙන් ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ පෙර පාසලක දරු දැරියන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. දරු දැරියන් 12 දෙනකු මෙලෙස රෝහල් ගත කොට ඇති බවයි කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ. භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලේ වැඩසටහනක් අතරතුර එම දරුවන්ට රස කළ දියර කිරි වර්ගයක් ලබා දී තිබෙනවා. එය පානය කිරීමත් සමඟ දරුවන්ට ක්ලාන්තය, වමනය සහ බඩ රිදුම් ඇතුළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගෙන ඇති අතර පසුව ඔවුන් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. රෝගීවූ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
නිසි කලට මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නිදහස් කර නොදුන්හොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ මේ පිළිබදව දක්වමින් නීතිමය කටයුතු සිදු කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා විසින් කතා නායකවරයා වෙත ලිපියක් යොමු කර සිටියද ඒ සදහා වගකිව යුතු පුද්ගලයන්ගෙන් මේ වන තෙක් සාර්ථක පිළිතුරක් නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති පාකිස්ථානය වැනි රටවල් තුළද මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ඉහළම අධිකරණය තීරණයක් ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා. නිසි පරිදි කළමනාකරනය කර ගනිමින් කටයුතු කරන්නේ නම් මැතිවරණයක් සදහා මුදල් ලබා ගැනීම එතරම් බරපතල කාරණයක් නොවනු ඇතැයි…
හෙට්ටිපොල – පඬුවස්නුවර රජමහා විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – හලාවත මාර්ගයේ ගිරි පොකුණ මංසන්ධියේ ඇති ගසක නැග එම හිමිනම මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස තමන් පත් නොකිරීමට විරෝධය පළ කරමින් බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත්, මේ වනවිට එම ස්ථානයට පොලීසිය සහ ගම්වාසීන් පැමිණ තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222