පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා.
ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් .
පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගනු ලැබුවා.
ඉන අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා ද කාලය වෙන්කර තිබුණා.
මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන කටයුතු ඊට අදාළ නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ .
එමෙන්ම ඕනෑම අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාවට අදාළ කටයුතු සකසා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.