ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
සිංගප්පූරුවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් සභාපතිවරයා ඊයේ(22) රාත්‍රී 11.40ට පමණ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කටුනායක ගුවන් තොටුපොළේදී දිවයිනට පැමිණි සභාපතිවරයා පිළිගනු ලැබුවා.














