ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට රටවල් 22කින් සමන්විත පැරිස් සාමාජිකත්වය හිමි රටවල් සූදානම් වනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ ණය අර්බුධයෙන් මිදිම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකමක් ලබා ගැනීමට අදාළව මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී.
ඊට අදාළ ණය වාරික ලබා ගැනීමට නම් මෙරට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලින් සිදු කොට ඒ සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් සහතිකයක් ලබා දෙන ලෙස මූල්‍ය අරමුදල දන්වා තිබුනා.
ද්වි පාර්ශ්වික ණය හිමියන් වන චීනය , ඉන්දියාව සමග ශ්‍රී ලංකාව මේ වනවිට යම් එකඟතාවන්ට පැමිණ තිබෙනවා.