ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය ජුලි 31 වනදා සිට මේ දක්වා ඊට අදාළ පැමිණිලි 901ක් ලැබී ඇති බවයි.
ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධවයි.
ඊයේ දිනය තුළ ද මැතිවරණයට අදාළව පැමිණිලි 65ක් ලැබී තිබෙනවා.