
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ. ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදු කරන බවයි ඒ මහතා පැවසුවේ.














