
ලග්ගල, කිවුලවාඩිය ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් 45 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ අසල නිවසකට ගමන් කරමින් සිටින අතරතුර කිවුලවාඩිය – කරමාන මාර්ගයේදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.














