
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ලබාදුන් එම මුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිදුකරන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු සදහන් කළේ අදාළ නිලධාරීන්ගේ පවුල්වලට ලක්ෂ 20කට අධික මුදලක් ලබාදීම කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.














