
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද දිනය සඳහා වලංගු වන පරිදි, මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල සඳහාද මෙම නිවේදනය වලංගු වනවා..
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “ අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බවයි එම නිවේදනයේ දක්වා තිබෙන්නේ.














