
පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගසා තිබූ කහ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
හැටන් කොටගල නගරයේ තොග වෙළෙඳසැලක තිබී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම පරිප්පු තොගය සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කිරීමට මහෙස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නියෝග කර තිබෙනවා.














