
‘දිට්වා‘ හේතුවෙන් ගොවීන් දෙලක්ෂ දෙදහස් විසි පහකට රුපියල් මිලියන 12,341.5ක් වගා හානි වන්දි ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඔවුන් සදහන් කළේ පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා‘ ආපදාවෙන් හානියට පත්
කෘෂිකාර්මික බිම් සඳහා වගා වන්දි ගෙවා අවසන් කරමින් පවතින බවයි. ඒ යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගොවීන් එක් ලක්ෂ 16,278ක පුර්ණ හානියට පත් කුඹුරු අක්කර එක් ලක්ෂ 48,000ක් වෙනුවෙන් රුපියල් මිලියන 8,888.5ක මුදලක් ගෙවා තිබෙනවා. බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග වෙනුවෙන් ද ගොවි මහතුන් 85,747 වෙනුවෙන් රුපියල් මිලියන 3,453ක වන්දි මුදලක් මේ වන විටත් ගෙවා අවසන් බවයි ඔවුන් පවසන්නේ. නව රජයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, රටෙහි පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, ගොවි ජනතාව වෙනුවෙන් මෙලෙස විශාල මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.














