
රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු එඬේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වත්තල, එඬේරමුල්ල, සන්ෆ්ලවර් ගාර්ඩ්න්ස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන බ්ලුමැන්ඩල් රවීගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු වන බවයි.














