
දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින නිලධාරීන් හෙට පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව සදහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බවයි.














