
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී තුවාල ලැබූ 25කට අධික සංඛ්‍යාවක් මීගමුව රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණා. බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.














