ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඔහු මේ බව ලිපියක් මගින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ එළැඹෙන වසරේ අග භාගයේ දී තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහායි.
පසුගිය වසර කිහිපය පුරාවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වෙනුවෙන් ඉහල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් ලෙස මිචෙල් ස්ටාර්ක් ප්‍රසිද්ධියක් උසුලනවා.
ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 65කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 79ක්.
උණුසුම් පුවත්
- මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ සහාය
- ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්
- සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
- විෂ වායූ ආඝ්‍රහණය වූ 32 ක් රෝහලට
- කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ සඳහා ටෙන්ඩර් කැඳවයි
- 11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
- සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් 585ක්