ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 08න් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 226ක් රැස් කළා.
එහිදී ඩෙවොන් කොන්වේ පන්දු 45කදී ලකුණු 83ක් සහ ශිවම් ඩූබේ පන්දු 27දී ලකුණු 52ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේලකුණු 218ක් පමණයි.
එහිදී අවසන් පන්දු වාරය යොමු කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.
උණුසුම් පුවත්
- යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ












