ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙහි සිදුව ඇති අස්ථි බිදී යාමක් හේතුවෙන්.
ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී කඩුලු රකිමින් සිටියදීයි පන්දුවක් අතේ වැදීමෙන් රහීම් මෙම ආබාධයට ලක්වුණේ.












